සෞඛ්‍ය සේවය සම්බන්ධ නිවැරදි නොවන තොරතුරු හා සෞඛ්‍ය ප්‍රතිපත්ති විචේචනය කරමින් මාධ්‍යට අදහස් ප්‍රකාශ කරන නිලධාරීන් සහ වෘත්තිය සමිති නායකයන්ට ආයනත සංග්‍රහයේ විධි විධාන අනුව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මහජන විශ්වාසය බිඳ වැටෙන ආකාරයෙන් සෞඛ්‍ය සේවාව පිළිබඳ වැරදි තොරතුරු ජනමාධ්‍ය වෙත ලබාදීම සම්බන්ධයෙන් වූ සිදුවීම් ගණනාවක් අමාත්‍යාංශයට වාර්තා වී ඇති බව සඳහන්.
රජයේ නිලධාරීන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව ආයතන සංග්‍රහයේ කරුණු දක්වා ඇති බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව වින්‍යානුකූල පියවර ගන්නා බවට වූ විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම සෞඛ්‍ය ප්‍රධානීන්ට යොමු කර තිබෙනවා.
ත්‍රිපෝෂ වල පිළිකාකාරක ඇති බව අනාවරණය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණද සිකුරාදා (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
හම්බන්තොට, රිජ්වේ ආර්යා ළමා රෝහල හා බදුල්ල යන රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් තිදෙනකුද නිවැරදි නොවන තොරතුරු මාධ්‍යයට ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශන ආරම්භ කර ඇත.
උදයජීව ඒකනායක
Source – Aruna