ප්‍රියසාද් පවුල කියූ සැණින් අපේ මතකයට එන අපූරු චරිත ටිකක් ඉන්නවා.
ඒ අතරින් ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ නම්, ඒ පවුලේ ටිකක් නිහඬ චරිතයක්.
ඇය පවුලේ දෙවැනි දියණිය විදියටයි හැමෝම හඳුනන්නේ.

හැමදාම වගේ පුවත් මවන මේ පවුලේ අනික් හැමෝම සිය පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් පළ කළත් ශේෂාද්‍රි ප්‍රියසාද් නම් ඒ දේවල් සීමාවක් ඇතුව කරන කෙනෙක් කියලා හඳුන්වන්න පුළුවන්.
මෙරට සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රිෂාන් පෙරේරා සමඟ විවාහ වන ශේෂාද්‍රි පසුගිය දා මුල් වරට මව් පදවිය ලැබුවා කියලා හැමෝම දන්නවා.

ඉතින් ශේෂාද්‍රි ප්‍රියසාද් ඇයගේ ”baby shower” හි ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක්කර තිබෙනවා.
මේ අවස්ථාවට ඇයගේ වගේම ක්රිශාන්ගේ පවුලේ පිරිසත් එකතු වෙලා තියෙනවා දැකගන්න පුළුවන්.

කොහොම නමුත් ශේෂාද්‍රි – ක්‍රිෂාන් යුවලට මව්පිය පදවි ලබාදුන් දියණිය ක්‍රිශාර්යා වෙනුවෙන් ඔවුන් කළ මෙම සාදය තමයි මේ.

ප්‍රියසාද් පවුලේ සියලු දෙනාත්, දිනක්ෂිගේ දියණිය සාරන්‍යාත් මෙම අවස්ථාවට එක්ව තිබෙනු කාගේත් අවදානය දිනාගන්නට සමත්ව තිබුණේ මෙලෙසින්.




Photos – Yoshitha Liyanage