උණුසුම් පුවත්
Search
kasun and madhavee

”ඇය දැන් ඔබේ ය! කොන්දේසි විරහිතව පෙම් කරන්න” – මාධවීගේ පෙම්වතා ලොවටම කියයි

32852

ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය විදිහට කවුරුත් දැන අඳුනන මාධවී වත්සලා ඇන්තනීගේ නවතම සේයාරුවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ අවදානය දිනාගනිමින් සංසරණය වනවා. ඇය සමඟ මේ ඡායාරූපයේ පෙනී සිටින්නේ තරුණ නිර්මාණකරුවෙකු මෙන්ම ගී පද රචකයෙකු ද වන කසුන් මහේන්ද්‍ර හීනටිගල යි.

මෙම ඡායාරූපය කසුන් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත්තේ පහත සටහන ද සමඟිනු යි.

“ඇය ඔබගේ පළමු කෙනාවත් , ඔබ ඇයට සිටි එකම කෙනාවත් නොවිය හැකිය. නමුත් ඇය දැන් ඔබේ ය. ආදරය එසේය. කොන්දේසි විරහිතව පෙම් කරන්න.
ප්‍රාණසමව රකින්න !”

May be an image of 2 people, people standing and indoor

මෙම සටහන ම මාධවී ද ඇගේ මුහුණුපොතට එක්කරගෙන ඇති අතර කසුන්ගේ පෝස්ටුවට පිළිතුරු ලෙසින් ඇය කමෙන්ටුවක් ද පළ කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, කසුන් විසින් පද රචනා කරන ලද ”අපි තමයි අපිව දන්නේ…” ගීතයේ පද කිහිපයක්.

පළමු විවාහයට ද සමුදුන් මාධවී ඇන්තනී, සිය දෙවැනි විවාහයෙන් ද නීත්‍යානූකූලව වෙන් වූ බව පසුගිය දිනෙක මුල්වරට අනාවරණය කළා. එම විවාහයට තිත තබන්නට හේතු වූයේ යම් යම් නොගැළපීම් බවයි ඇය කියා තිබුණේ.

No photo description available.

කෙසේ වෙතත්, අප ඊයේ සඳහන් කළ පරිදි මාධවීගේ අලුත්ම පෙම් කතාව ඇර‍ඹ ඇත්තේ කසුන් මහේන්ද්‍ර සමඟයි.

අතිශය ජනප්‍රිය “මගේනේ”, “රඟපානා දඩබ්බර කෙල්ලො” වැනි ගී රැසකම පද රචකයා වන කසුන් මහේන්ද්‍ර මුහුණු පොතෙත් රසවත් ලියන්නෙක් ලෙස ද කතාබහට ලක්වන කෙනෙක්.

May be an image of 1 person, beard, drink, sunglasses and indoor