උණුසුම් පුවත්
Search
dhanushka gunathilaka

”ඇය දිගටම බැහැ කිව්වා” – ධනුෂ්කගේ අතවරය ගැන සිඩ්නි පොලිස් නිලධාරිනිය හෙළි කරයි

50631

31 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවට ද අපකීර්තියක් ගෙන එමින් පසුගිය සතියේ ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී 29 හැවිරිදි කාන්තාවක සිව්වතාවක් අතවරයකට ලක්කර ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

ඇගේ පැමිණිල්ල අනුව අද අලුයම සසෙක්ස් වීදියේ හෝටලයකදී ධනුෂ්ක සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ අනුව ඔහු සිඩ්නි පොලිස් ස්ථානයට ගෙන ගොස් ප්‍රශ්න කළ අතර කාන්තාවගේ සාක්ෂි ද සමග ඇයගේ කැමැත්තෙන් තොරව සංසර්ගයේ යෙදුණ බවට අවස්ථා 04ක් ගැන අනාවරණය කරගන්නා ලදි.

image 33

පසුව ඔහුව වැඩිදුර විමර්ශනයට රඳවා ගන්නට අවශ්‍ය බව දැක්වූ පොලිසිය ඔහු රඳවා ගැනීම පිණිස ඉරිදා පරමට්ටා ඇප අධිකරණයට යොමු කරන ලදි එහිදී පෙනී සිටි ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

ළමා අපචාර සහ අපරාධ සංචිතයේ රහස් පරීක්ෂික‍ා ජේන් ඩොහර්ටි පැවසුවේ මෙම යුගලය ‘ඩේට්‘ ඇප් යෙදුමක් මත චැට් කරමින් අන්තර්ජාල සබඳතාවකින් අඳුනාගෙන තිබුණ බවයි.

නැමීබියාව සමග පළමු තරගයට පමණක් ක්‍රීඩා කර පසුව ආබාධ නිසා තරගාවලියෙන් ඉවත්වූ ධනුෂ්ක දිවයිනට ගෙන්වීමට බලධාරීන් කටයුතු නොකළ අතර ඔහු හෝටල් කාමරයේ දිගටම රැඳෙමින් කාන්තාවන් සමග විනෝදවීමට මේ ආකාරයෙන් හැසිරී ඇති බව අනාවරණය වේ.

රහස් පරීක්ෂිකා ජේන් ඩොහර්ටි ඉරිදා වාර්තාකරුවන්ට පැවසුවේ ඔවුන් බදාදා හමුවීමට පෙර වීඩියෝ ඇමතුම් ඇතුළු විවිධ වේදිකා වල සන්නිවේදනය සිදු කළ බවට සාක්ෂි හමුවූ බවයි.

image 30

ධනුෂ්ක ගුණතිලක මෙම කාන්තාවට වෙලාවක් ලබා දී කොෆී ෂොප් එකක දී කෝපි බීම සඳහා මුණගැසී ඇත.

පසුව එතැන කතාබහින් පසු නැවත ඇයගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇය තනිව සිටි නිවසේ කාමරයක් ඇතුළට ගෙනයමින් අතවර සිදුකර ඇති බව පැවසේ.

“මෙම කාන්තාව දිගටම බැහැ කියා තිබෙනවා. ආරක්ෂාව ලබාගැනීමට කෑ ගසා තිබෙනවා. අතවරයෙන් මිදීමට බොහෝ පියවර ගෙන තිබෙනවා,” රහස් පරීක්ෂිකා ඩොහර්ටි පැවසූ බව නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත් වෙබ් අඩවියේ වාර්තාවක දැක්වෙයි.

image 31

ඇයට අවශ්‍ය වී තිබුනේ ඔහු හා හමුවී සුහද කතාබහක නිරත වෙන්න විතරයි.

“ඇය ප්‍රසිද්ධ ස්ථානයකදී මුණගැසුණා, ඒ අවට සිටින අනෙක් අය ඇය හමුවීමට යමෙකු පැමිණි බව සාක්ෂි ලබාදී තිබෙනවා.. නමුත් ඔහු හැසිරී ඇති ආකාරය අවාසනාවන්තයි.”රහස් පරීක්ෂිකා ඩොහර්ටි දන්වා තිබේ.

ඇගේ පැමිණිල්ලට අනුව සිව්වතාවක් අතවර කිරීමට ඔහු පියවරගෙන තිබේ.

සිද්ධියෙන් පසු කම්පනයට පත් ඇය කළ පැමිණිල්ල අනුව සෙනසුරාදා අදාළ ලිපිනයේ අපරාධ ස්ථාන පරීක්ෂණයක් සිදු කර තිබේ.

image 32

ධනුෂ්ක මේ වනවිට රඳවා තබාගෙන තිබෙන අතර ඔහුට ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සහාය ලැබී ඇතැයි රහස් පරීක්ෂිකා ඩොහර්ටි පැවසුවාය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ධනුෂ්ක වරදකරු වූවහොත් ඔහු සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නට සූදානමින් සිටින බවයි.