උණුසුම් පුවත්
Search
dinithi

”චණ්ඩියා වගේ හිටියට එයා අසනීප වුණාම පොඩි බබෙක් වගේ” – දිනිති ගැන සංගීත් කියපු කතාව

323

කලාවට සම්බන්ධ වෙලා හිටියත් වෘත්තිමය වශයෙන් ඇය ගුවන් සේවිකාවක්. නමින් දිනිති වල්ගමගේ. ඉතා කෙටි කාලයකින් හැමෝගෙම ආදරේ වගේම හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ. ඒ වගේම මේ වනවිට දිනිති නිරූපිකාවක විදියත් හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි. මේ කතාබහ දිනිති වල්ගමගේ සමඟයි.

image 33

ඉතින් දිනිති කොහොමද, මොකද වෙන්නේ මේ දවස්වල ?

”මේ දවස්වල බාරගත්ත වැඩ ටිකක් තියෙනවා… හැබැයි මේ දවස්වල මම ටිකක් අසනීප වෙලා ඉන්නේ, සනීප උන ගමන් ආයේ වැඩ පටන් ගන්නවා”

image 36

දිනිති ළමා කාලය ගතකලේ කොහොමද..?

”ඇත්තටම මගේ ළමා කාලය හරිම සුන්දරයි, ඒ කාලේ මට මම කෙල්ලෙක් කියලවත් මතක තිබ්බේ නෑ, ඒ කාලේ මම හරිට කොල්ලෙක් වගේමයි…. මම සෙල්ලම් කළෙම මගේ අයියලා එක්ක. මගේ පොඩි අයියා මට වඩා අවුරුදු තුනක් වැඩිමල්, අයියගේ යාලුවන්ටත් මාව නංගි කෙනෙක් වගේ දැනුනේ නෑ මොකද එයාලා මට සැලකුවේ කොල්ලෙක්ට වගේ… මම ගාල්ලේ කෙල්ලෙක්, අපේ ගෙදර තියෙන්නේ ගාල්ලේ ටවුමෙමයි, ඉතින් ඒ නිසා ගැමි පරිසරයක සුන්දරත්වය මට පොඩි කාලේ වැඩිය අත්විඳින්න ලැබුනේ නෑ, හැබැයි ඒ කාලේ ගොඩක් සුන්දර විදියට වින්දා…..”

image 34

දිනිතිට පාසල් ප්‍රේමයක් තිබ්බේ නැද්ද..?

”මම ඉස්සර ටොම් බෝයි කෙනෙක් වගේ ඒ නිසා මට ඒ කාලේ කොල්ලෝ ගැන අදාලම නෑ, අනිත් කාරණය මට අයියලා තුන්දෙනෙක් හිටියනේ ඉතින් කොල්ලෝ බයයි මගෙක් කැමතිද අහන්නේ….. වැඩිය ඕන නෑ කොල්ලෝ මගේ දිහා බලන්නත් බයයි මොකද අයියලා දැක්කොත් ගුටි තමා, වැඩිය ඕන නෑ අනවශ්‍ය කතා කියාගෙන ඇවිත් මගෙනුත් කොල්ලෝ හතරක් පහක් ගුටිකාලාත් තියෙනවා, හැබැයි මෙහෙමයි ඒ කාලේ මගේ හිතට දැනුන ප්‍රේමයක් තිබුනා… හැබැයි ඒක ඒකපාර්ශවික ප්‍රේමයක් ප්‍රේමයක් කියනවට වඩා ඒකට ගැලපෙන හරිම වචනය ආකර්ෂණයක් කියලයි මම හිතන්නේ….”

image 35

හැබැයි දැන්නම් දිනිති කියන්නේ ආදරවන්තියක්.. ඇයගේ ආදරේ දිගන්න සමත්වුණ වාසනාවන්තයා තමයි සංගීත් සතරසිංහ කියනේ…

ඉතින් මේ දවස්වල අසනීප වෙලා ඉන්න දිනිතිව අද සංගීත් එයාගේ අම්මගේ අතින් හදපු කෑම ටිකක් කවන්න එයාලගේ ගෙදරට එක්කගෙන ගිහින්….

image 37

ඉතින් ඒ පිලිබඳ සංගීත් මුහුණු පොතේ තිබ්බ සටහන තමයි මේ ”තැන්ක්ස් සෝ මච්, එයාට සුව වෙන්න ප්‍රාර්ථනා කරපු හැමෝටම. අද දිනීගේ ලොකු අම්මි නාගදීපේ ගිහින්. අද දිනීට කන්න වෙන්නෙ කඩෙන්. ඉතින් මම හිතුවා එයාව අපේ ගෙදර එක්කන් ගිහින් අම්මිගෙන් කෑම චුට්ටක් කවනවා කියලා. ඊට කලින් එයා ආස දේවල් ටිකක් තියෙනවා. එයා අසනීප වුණාම පොඩි බබෙක් වගේ. එයා ගොඩක් ආසයි මල් වලට.” කියලා තියෙනවා.

image 38