අපේ රටේ ඉන්න හැඩකාර, කඩවසම් රංගන ශිල්පියෙක් තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ. ඔහු කලකට ඉහත දී කලා ලෝකයේ විවිධ නිර්මාණයන් හරහා නිතරම දැකබලා ගන්න අපිට අවස්ථාව ලැබුණා. පසුගිය කාලසීමාව තුළ දී ජීවිතයට හර්ෂණට ආපු නොයෙකුත් අභියෝග හමුවේ ඔහු කලාවෙන් ටිකක් ඈත් වෙලා කාලය ගත කළා. නමුත් නැවත වතාවක් ඔහු සුපුරුදු පරිදි රංගන ශිල්පියෙක් විදිහට කලා කටයුතු ආරම්භ කරලා. ඒ සම්බන්ධයෙන් ඔහු අදහස් දැක්වූයේ මේ විදිහටයි.
“මම කාර්යබහුල නෑ…. කාලෙකට පස්සේ වසංගතයෙන් අනතුරුව ආයෙත් වැඩ ටිකක් පටන් ගත්තා. ඒ නිසා කාර්යබහුල වුණත් ලොකු කාර්යබහුලත්වයක් නම් නැහැ. වසංගත නිසා අපිට කොහෙවත් යන්න බැරුව හිටියේ. ඒත් ආයි රූගත කිරීම් වෙනුවෙන් කොළඹින් පිට ප්රදේශ වලට යන්න සිද්ද වුනා. හරිම කැමතියි ගමේ මිනිස්සු ගෙවන සරල සුන්දර ජීවිතේ බලද්දි අපි මේ මොනවද කරන්නේ කියලා වෙලාවකට හිතෙනවා….. ගහකොළ එක්ක තනි වුණාම තමයි සොබාදහමේ අපූරු වින්දනය ලබන්න පුළුවන්…..”
ඉතින් හර්ෂණ කලකට ඉහත දී ප්රථම වරට විවාහ වුණේ ක්ෂේත්රයේ අති දක්ෂ රංගන ශිල්පියෙකු වොල්ගා කල්පනී සමඟයි. නමුත් මේ වන විට ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වෙලා අවසන්. මේ විදිහට ටික කාලයක් තනිකඩව හිටපු හර්ෂණ නැවත වතාවක් ආදරණීය තරුණියක් සමග සමඟ විවාහ වුණා. ඔහු අද වෙද්දි ජීවිතය අලුතෙන් පටන් අරන් හරිම ලස්සනට ජීවත් වෙනවා කියලා ආරංචියි. හර්ෂණගේ ආදරණීය බිරිඳ ඔහුට හරිම ආදරෙන් ඉන්නවා කියලා හර්ෂණ සඳහන් කරනවා. දෙන්නට දෙන්න එක මොහොතක්වත් නොදක ඉන්න බැරි තරම් ඔවුන් ආදරණීයයි. මේ පිළිබඳව ඔහු කිව්වේ මේ වගේ කතාවක්….
“කොහේ හරි යන්න මාත් ආසයි…. ඒ නිසා දින ගණන් ඉන්න නැහැ. බිරිඳව ගෙදර දාලා තනියම මට ඉන්නත් බෑ…. එයා නැතිව ජීවිතේ මට පාලුයි…. ඒ නිසා ෂූටිං ඉවර වුණ ගමන් මම ගෙදර යනවා. එයා මගේ හෙවනැල්ල වගේ…. එච්චරටම මම එයාට ආදරෙයි. එයාට මං වගේ මට එයා නැතුව දවසක්වත් මොහොතක්වත් ඉන්න බැරි තරම් පාළුවක් දැනෙනවා…. ඒක හරි පුදුම දෙයක්….. ගෙදර ඉන්නකොට ගෙදර වැඩ හැම දෙයක්ම එකට එකතු වෙලා අපි දෙන්නා කරනවා. එයාට හරිම රහට උයන්න පුළුවන්…. එයා හදන බිරියානි එක තමයි මම මෙතෙක් කාපු රසම බිරියානි එක… හරිම රසට කෑම හදන්න පුළුවන් පුදුම අත් ගුණයක් එයාට තියෙනවා.”
ඉතිං හර්ෂණ තමන්ගේ ආදරණීය බිරිඳ පිළිබඳව ඒ විදිහ සුන්දර කතාවක් තමයි.. සති අග පුවත්පතක සාකච්ඡාවකට එක්වෙමින් තමයි ඔහු මේ දේවල් සඳහන් කරලා තිබුණේ.
- ”මට ලැබුණු ලොකුම සපෝටර් තමයි හස්බන්ඩ්” – ලෝකේ වටේ ඇවිදින හේෂානි ලියඳිපිට
- පිට යන සැමියාව ”ත්රිත්ව තලාක්” ක්රමයට දික්කසාද කළ ඩුබායි කුමරියගෙන් “Divorce” නම් සුවඳ විලවුන් පෙළක්
- ”රඟපාන්න ආවේ නැත්නම් මම ගුරුවරියක් හෝ ගිණුම්කරණ නිලධාරිනියක් වේවි” – දුෂේනි මියුරංගි
- ”පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ ප්රසිද්ධ කරන්න වුවමනාවක් නෑ” – වොල්ගා කල්පනී
- දීපිකා සහ රන්වීර් දියණියකට දාව මව් පිය පදවි ලබයි (ඡායාරූප සහිතයි)