උණුසුම් පුවත්
Search

ඌව ආණ්ඩුකාරවරයාගේ දියණිය බ්‍රිතාන්‍ය පළාත් මැතිවරණය ජය ගනියි

418

බ්‍රිතාන්‍යයේ ටැටන්නෝ පළාත නියෝජනය කරමින් මිල්ටන් කේන්ස් කවුන්සිලය (Milton keyns council) සඳහා කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් පළාත් මැතිවරණයට ඉදිරිපත් වූ ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්. ජේ. ඒම්. මුසම්මිල්ගේ දියණිය වන ශස්නා මුසම්මිල් මහත්මිය එයින් ජය ගත්තාය.

කන්සවේටිව් පක්ෂය ටැටන්නෝ පළාතේ පසුබෑමකට ලක්ව තිබියදීත් ජන්ද දායකයින් 8647ගෙන් ප්‍රකාෂිත ජන්ද 31.18% ප්‍රතිශතයකින් ජන්ද 1167ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානයට ශස්නා මුසම්මිල් මහත්මිය තේරි සමත්විය.

මැතිවරණය මැයි 05 දින පවත්වා තිබේ.

UVA Governor Muzammil's daughter,Shazna, elected councilor in UK - Colombo  Times

බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් ප්‍රදේශයේ පදිංචි ෂස්නා මුසම්මිල් එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධිය හා එරට විවෘත විශ්වවිද්‍යාලෙයන් Msc සංවර්ධන කළමනාකරණය උපාධිය හදාරා තිබේන අතර ඇය එරටේ සමාජ සේවිකාවකි.

Shazna Muzammil on Twitter: "Supporting local businesses.. @RishiSunak  @CrossKeys_MK well prepared.. social distancing and then some.. wasn't  packed to the brim as expected... nothing unruly.. Dont remember a Saturday  being like this..
Shazna Muzammil on Twitter: "Thanks @Ben_Everitt for dropping in.. the kids  and @James__CHAS we are really grateful for your support. These children in  #MiltonKeynes through no fault of their own are in

ඇය ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිය දී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිගේ පෞද්ගලික ලේකම් වශයෙන් හා ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන රැසක සමාජ සේවිකාවක ලෙස කටයුතු කර තිබේ.

වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම හා පදිංචිය සදහා බ්‍රිතාන්‍යට ගොස් විශ්වවිද්‍යාල කීපයක අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව සමාජ සේවා කටයුතු වල නිරතව සිටින අතර තුර ඇය පළාත් මැතිවරණය සදහා ඉදිරිපත්ව මෙලෙස ජයගෙන තිබේ.

Shazna Muzammil (@Shazna_Muzammil) / Twitter

ලුණුගල ප්‍රසන්න පද්මසිරි




Leave a Reply

Your email address will not be published.