උණුසුම් පුවත්
Search
shakira

දික්කසාදයෙන් දරුවන් බෙදාගත් දවසේම විනිවිද ඇඳුමකින් සමාජ මාධ්‍ය කැළඹු ෂකිරා

99

කොලොම්බියානු පොප් තරුව ෂකිරා ගැන නැවත හොලිවුඩ් පුරයෙන් ආරංචි පැතිරෙමින් පවතිනවා.

ඇය වසර 12ක් තිස්සේ පාපන්දු ක්‍රීඩක සැමියා සමග එකට ජීවත්වූ නමුත් පසුගිය දා වෙන්වූවා.

image 90

දරුවන්ගේ භාරකාරීත්වය සම්බන්ධයෙන් සමථයකට එලැඹී ඇය පසුගිය සතියේ හිටපු සැමියා සමග ඔවුනගේ පුතුන් දෙන්නා රැක බලාගැනීම සම්බන්ධ ගිවිසුමකට අත්සන් තැබුවා.

එම ආරංචිය ප්‍රකට වූ රාත්‍රියේම ෂකිරාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුම බැබලිණි. ඒ ඇගේ විනිවිද පෙනෙන ඇඳුමක් නිසායි.

image 89

දරුවන් ගැන කතාව පැත්තක තිබියදී ෂකිරාගේ ඇඳුම ගැන සමාජ මාධ්‍ය අනතුරුව කතා කරන්නට වුණා.

‘හිප්ස් ඩෝන්ට් ලයි’ ගායිකා ෂකිරා ඉතා විනිවිද පෙනෙන දියමන්ති වලින් වැසුණු ඇඳුමකින් සැරසී මෙම කතා බහ ඇති කළාය.

image 91

45 හැවිරිදි කොලොම්බියානු ගායිකාව 35 හැවිරිදි පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පික්ගෙන් ජුනි මාසයේදී වෙන්වීමෙන් පසුව බර්බෙරිගේ ද නයිට් බිෆෝර් ප්‍රචාරක ව්‍යාපාරයට පෙනී සිටිමින් මෙම ඡායාරූපය බෙදාගත්තේ පාඨක අවධානය වෙනතක යවමිනි.

image 92