උණුසුම් පුවත්
Search
shakira

ෂකිරා වසර 08කට සිරගෙට ???

108

ලොව ප්‍රකට ගායිකාවක් වන ෂකිරාට එරෙහිව ආදායම් බදු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්පාඤ්ඤයේ අධිකරණයක් මගින් ඇයව අදාළ චෝදනාව සම්බන්ධයෙන් වගඋත්තරකාරියක් කර ඇති අතර එයින් කියවෙන්නේ ෂකිරා ඩොලර් මිලියන 14.31ක් ආදායම් බදු වශයෙන් ගෙවීම පැහැරහැර ඇති බවයි.

කොලොම්බියානු ජාතිකයෙක් වන 45 හැවිරිදි වියේ පසුවන ෂකිරා අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව ඇයට ඒ සම්බන්ධ නඩු විභාගයට මුහුණ දීමට සිදුවනවා.

image 336

එම චෝදනාවට වැරදිකාරිය වුවහොත් ඇයව වසර 08කට බන්ධනාගාර කිරීමට පවා අධිකරණයට හැකියාව පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

අධිකරණයේ ගොනු කර ඇති චෝදනා වල සඳහන් වන්නේ ෂකිරා 2012 සහ 2014 අතර කාලයේදී අදාළ ආදායම් බදු ගෙවා නොමැති බවයි.