උණුසුම් පුවත්
Search
diana

”පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කළ යුතුමයි” – ඩයනා පාර්ලිමේන්තුවේ දී හඬ නගයි

247

පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය විෂයයක් ලෙස ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.

“වර්තමාන දරුවන් ලිංගිකත්වය පිළිබඳ සැබෑ තතු නොදනිති. මේ නිසා ඔවුන් විවිධ ගැටලු වලට වැටේ. සමහර පාසල් දරුවන් සමාජ රෝගයක් යනු කුමක්දැයි නොදනිති. ඇතැම් දරුවන් මෙම රෝග පිළිබඳව නොදැනුවත්වම විවිධ සමාජ රෝග වලට ගොදුරු විය හැකිය. ඔවුන් මේ රෝග වල රෝග ලක්ෂණ දන්නේ නැහැ…..

දෙමාපියන් තම දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන ලෙස මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිමි” යැයි ද ඇය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.