උණුසුම් පුවත්
Search
SEWWANDI

”එයා දුවෙක්” – කෝටිපති සැමියා පුදුමයට පත්කරමින් පළමු වරට මව්පදවිය ලබන සෙව්වන්දිගේ බබාගේ Gender Reveal පාටි එක

229

මෙරට කලා ක්ෂේත්‍රය තුළ අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙන ජනප්‍රිය මෙන්ම සුන්දර රංගන ශිල්පිනියක් තමයි සෙව්වන්දි නයනතාරා කියල කියන්නේ.

ඇත්තෙන්ම සෙව්වන්දි ගැන මේවෙන කොට මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්. ඒ තරමට ඇය ලාංකිකයන් අතර ජනප්‍රියයි.

ටික් ටෝක් හරහා අහම්බෙන් රංගනයට පිවිසෙන ඇගේ මුල්ම ටෙලි අත්දැකීම බවට පත්වෙන්නේ ”තෝඩු” කියන ටෙලි නිර්මාණය යි.

image 230

මේ නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය මේවෙද්දී නිර්මාණ ගණනාවක් ඔස්සේ සිය ජනප්‍රියත්වය වැඩිකර ගනිමින් ක්ෂේත්‍රයේ සුවිශේෂ ගමනක් යනවා කිව්වොත් නිවැරැදියි.

කොහොම වෙතත් සෙව්වන්දි සතුව තිබෙන ඒ රංගන හැකියාව නිසාවෙන්ම ඇයට වෙළඳ දැන්වීම් වලට මෙන්ම මියුසික් වීඩියෝ වලටත් සහභාගි වෙන්නට අවස්ථාව හිමිවෙනවා.

image 231

ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය කාලයේ මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් ගීතයක් වන ”යන්න යනවද” කියන මියුසික් වීඩියෝව හරහාත් අපට දැකගන්නට ලැබුණා.

ඇත්තෙන්ම ටික් ටෝක් තුළින් ලබාගත් ඒ ජනප්‍රියත්වය වගේම තමන් සතු දක්ෂතා තව තවත් ඔපනන්වා ගන්නා ඇයට මේ වෙන කොට සාර්ථක කළා ගමනක් යන්න හැකි වෙලා තිබෙනවා.

image 232

කෙසේ වෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය දැන් නම් ඉන්නේ විවාහවෙලා කියල හැමෝම වගේ දන්නවා. ඇය විවාහ වෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයෙකු සමගිනුයි.

image 235

ඉතින් ඔවුන්ගේ මේ ආදරණීය කැදැල්ලෙන් අපට පහුගිය කාලයේ සතුටුදායක පුවතක් අසන්නට ලැබුණා.

image 234

ඒ තමයි සුරූපී නිලි සෙව්වන්දි නයනතාරා මේ වෙද්දී උතුම් මව් පදවියට සුදානම් වෙනවා කියන සතුටුදායක පුවත.

image 233

කොහොම වෙතත් ඇයට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියල දැනගන්නට මෙරට බොහෝ දෙනෙකු ආසාවෙන් හිටියා.

ඉතින් ඇය පහුගිය දවසක අපූරු සාදයක් පවත්වලා ඒ ගැන හැමෝටම හෙළි කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

image 228

මේ විදිහට ඇගේ කුසේ ඉන්නේ දුවක් කියලා තමයි සෙව්වන්දි මේ සාදයේදී පවසලා තිබුනේ.

ඉතින් උතුම් මව් පදවියට සැරසෙන ජනප්‍රිය සුරූපී නිලි සෙව්වන්දි නයනතාරාට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන අතරේම ඇයටත් ඇයගේ කුසේ ඉන්න පුංචි දරු පැටියටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්නෙමු.

image 229



Leave a Reply

Your email address will not be published.