දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිපලයක් ලෙස හටගෙන ඇති ගෝලීය උණුසුම හේතුවෙන් යුරෝපය පුරා හටගෙන ඇති දරුණු නියඟයත් සමගම ඇළ දොළ ගංගාවන්ගේ ජලය දරුණු ලෙස සිඳී යමින් පවතින බව වාර්තා වී තිබෙනවා.
මාස 02ක පමණ කාලයකින් කිසිදු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත බටහිර, මධ්‍යම හා දකුණුදිග යුරෝපා රටවල් වසර 500කට පමණ පසු මුහුණ පා ඇති දරුණුම නියං තත්ත්වයට මුහුණ පා සිටින බව යුරෝපා රටවල කාලගුණ විද්‍යාඥයෝ පවසනවා.
මෙම තත්ත්වය මත රයින් වැනි යුරෝපයේ ප්‍රධාන පෙළේ ගංගා වල පවතින ජලය ද සිඳී යමින් පවතින අතර එහි ප්‍රතිපලයක් ලෙස ඇළ දොළ ගංගා වල සිටින මත්ස්‍ය සම්පත පවා විනාශ වී යමින් පවතින බව ඔවුහු කියා සිටිනවා.
මේ වන විට යුරෝපයට තවත් කලකින් වර්ෂාව පතිත වන වන ලකුණක් හෝ පෙනෙන්නට නොමැති බව යුරෝපා කාලගුණ විද්‍යාඥයෝ අවධාරණය කර සිටිනවා.
සංස්කරණය
ඒමන්ති මාරඹේ
Source – Divaina