නිරතුරුවම සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන ප්‍රියසාද් පවුලේ සහෝදරියන්ගේ බැඳීම ගැන කාටවත් කවදාවත් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ තරමටම ඔවුන් හරි ආදරණීයයි සහ ඒ ගැන නිරතුරුවම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කරනවා දකින්නත් ලැබෙනවා. මේ කියන්න යන්නේ ඒ තුන්දෙනාගෙන් බඩපිස්සි වෙන ශනුද්‍රි ගැන ශේෂාද්‍රි තැබූ සටහනක්.
ශනුද්‍රි තවමත් ඉන්නේ හරිම නිදහසේ.. හරියට කිරිල්ලියක් වගේ.. ඒත් එයාගේ ඒ වයසට එයාගේ වැඩ නම් ගොඩක් ලොකුයි කියලා තම ශේෂාද්‍රි තමගේ නංගී වෙනුවෙන් මේ සටහන එක් කරලා තියෙන්නේ..
”ඔයා දැනටමත් සාරන්‍යාටයි , ක්‍රිශර්යාටයි දෙවනි අම්මා වගේ.. ඒ දෙන්නාව ආදරයෙන් බලාගන්නවා.. ආරක්ෂා කරනවා.. ඒ නිසා මේ මව්වරුන්ගෙ දිනය ඔයාටත් විශේෂිතයි.. කවදා හරි දවසක ඔයා අම්මා කෙනෙක් වුණාමත් ඔයා ඔයාගේ දරුවෝ හොදින් බලාගනීවි…” කියලා තමයි ශේෂාද්‍රි නම් කියන්නේ.
ඉතින් මේ පවුලට එකතුවුණ අලුත් දියණියන් දෙදෙනා එක්ක හරිම ලෙන්ගතුව, එකමුතුව වැඩ කරන ශනු ගැන නිරන්තරයෙන් ප්‍රේක්ෂ්කයින්ටත් දැකබලා ගන්න ලැබෙන්නේ ඔවුන්ගේ වීඩියෝ සහ ඡායාරූප නිසයි.