මෙරට කලා ක්ෂේත්රය තුළ බොහෝ සෙයින් කතා බහට ලක්වෙන ප්‍රියසාද් පවුලෙන් තවත් අපූරු පුවතක් වාර්තා වනවා.
මේ පුවත නම් වාර්තා වන්නේ ප්‍රියසාද් පවුලට උරුමකම් කියන එම පවුලේ තරමක් නිහඬව සිය ගමන යන ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ක්‍රිෂාන් පෙරේරා යුවලගේ පවුලෙන්.
ප්‍රියසාද් පවුලට උරුමකම් කියන දෙවන දියණිය විදියට තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් ගැන කවුරුත් දන්නේ.
ඇය පසුගිය කොවිඩ් කාල වකවානුවේ නිහඬවම සිය ජීවන ගමනේ සහකරු වන ක්‍රිෂාන් පෙරේරා සමඟ යුග දිවියට පිවිසෙනවා.
ක්‍රිෂාන්, බැංකු නිලධාරියෙකු මෙන්ම සංගීත ශිල්පියෙකු ලෙසද කටයුතු කරන අයෙක්.
ශේෂාද්‍රිත් වෘත්තිමය වශයෙන් පෙරපාසල් ගුරුවරියක ලෙස කටයුතු කළ අතර කලා කටයුතු වලට ද තෝරා බේරා ගනිමින් සහභාගී වුණා.
කෙසේ නමුත් පසුගිය කාල වකවානුවේ නිහඬවම කල් ගත කළ ශේෂාද්‍රි ප්‍රියසාද් මව් පදවියට උරුමකම් කියනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ.
ශේෂාද්‍රි සහ ක්‍රිෂාන් මෙලෙස මව් – පිය පදවි ලබන්නේ සිඟිති දියණියකට උපත දෙමින්.

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතාබහට ලක් වන ශේෂාද්‍රිගේ වැඩිමහල් සොයුරිය වන දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකරත් පසුගිය කාලයේ සිඟිති දියණියකට උපත දෙමින් මව් – පිය පදවි ලැබුවා.
ඔවුන් තරම් පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍යයට නිරාවරණය නොකරන ශේෂාද්‍රි සහ ක්‍රිෂාන් අද දිනයේ ඔවුන්ගේ දියණිය ගැන සමාජ මාධ්‍යයට හඳුන්වා දෙනු ලැබුවේ කවුරුත් පුදුම කරමින්.
ඉතින් බොහෝ දෙනෙක් ඔවුන්ට සුබ පැතුම් එක්කර තිබෙන අතර අපිත් ඔවුන්ගේ පවුල් ජීවිතයට සුබ පැතුම් එක්කරන්නට අමතක කරන්නේ නැහැ.




