උණුසුම් පුවත්
Search
SEETHA

ගෝඨාට අසුන දෙන්න සීතා සූදානමින්

58

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන්නට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සීතා අරඹේපොළ සඳහන් කර සිටිනවා.

කෙසේ වෙතත් තවම එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර නැතැයි ද ඇය සදහන් කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ඊයේ (04) දින මෙරටට පැමිණ තිබෙනවා.

දිවයිනට පැමිණි ඔහු දැඩි ආරක්ෂාව මත මිරිහානේ පිහිටි සිය නිවෙස වෙත ගොස් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඔහු නැවතත් දේශපාලනයට සම්බන්ධ වනවාද නැද්ද යන්න සඳහනක් කර නොමැත.




Leave a Reply

Your email address will not be published.