Meta සමාඟම විසින් WhatsApp Calls සඳහා Screen Share පහසුකම ලබා දීමට සූදානම් වන බව වාර්තා වනවා.
ඒ අනුව මෙම පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වනු ඇති.
කෙසේ වෙතත් මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිත කළ යුතු වනවා.
මේ පහසුකම දැනටමත් බොහෝ Beta පරිශීලකයන් සඳහා නිකුත් කර ඇති අතර නුදුරේදීම මේ පහසුකම එළිදක්වනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවටයි වාර්තා වෙන්නේ.
Meta සමාගම මීට පෙර යැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්, Chat Lock කිරිමේ පහසුකමත් සහ එකම WhatsApp ගිණුම එක වර දුරකථන කිහිපයක භාවිත කිරීමේ හැකියාව ආදි පහසුකම් රැසක් හඳුන්වා දීම පසුගිය කාලය තුළ සිදු කරනු ලැබුවා.
අත්හදා බැලීම් සිදුකරමින් WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටිනවා.