උණුසුම් පුවත්
Search
nithyawani

රටම ආදරය කළ ”සරෝජා” දැන් වෛද්‍යවරියක් (ඡායාරූප සහිතයි)

202

කලකට පෙර ”සරෝජා” නිසා සම්මානයෙන් පවා පිදුම් ලැබූ ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. නමින් ඇයව හඳුන්වනවාට වඩා සරෝජා ලෙස ප්‍රකට ඇය නිත්‍යවානී කන්දසාමියි.

No photo description available.

සිය රංගනයෙන් ජාත්‍යාන්තර සම්මාන 02ක් ලංකාවට ලබාදුන් නිත්‍යවානි මේ වන විට නම් කිසිම කලා කටයුත්තක දැකගන්නට ලැබෙන්නේ නැහැ.

රංගනයෙන් දුරස්ව අධ්‍යාපනයට මුල් තැන දෙමින් කටයුතු කළ ඇය මේ වන විට කළුතර ශීක්ෂන රෝහලේ ශල්‍ය වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා.

May be an image of 1 person, baby, smiling and hospital

සරෝජා, පුංචි සුරංගනාවී චිත්‍රපට 02න් පසුව ඇයව දැක ගන්නට ලැබුණේ තහනමට ලක්වුන “සුදු කපුරු පෙති” ටෙලිනාට්‍යයේ පමණයි. ඉන් පසුව ඇය රංගනයෙන් දුරස්ව අප්‍රසිද්ධ ජීවිතයක් ගත කරනු ලැබුවා.

No photo description available.

කෙසේ නමුත් මේ වන විට ඇය රටේ ජනතාවට විශාල මෙහෙවරක් කරන වෛද්‍ය වෘත්තියේ නියැලෙන බව දැනගැනීම ඇයට ආදරය කරන රසිකයින්ගේත් හදවත් සතුටු කරන පුවතක් වනු නොඅනුමානයි.

 

May be an image of 1 personNo photo description available.

No photo description available.