උණුසුම් පුවත්
Search
saranya

”සාරංග හැම වෙලේම කිය කිය හිටියේ මට දුවෙක් ඕන කියලා” – සාරන්‍යාට නම දාපු හැටි දිනක්ෂි කියයි

393

මුළු රටම දන්න ප්‍රියසාද් පවුලේ අලුත්ම විස්තර සමාජ මාධ්‍ය නිසා දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.

මොකද මේ මුළු පවුලම ඒ තරමට සමාජ මාධ්‍යයට ළඟයි.

ඉතින් මේ විදියට පුංචි තිරය හරහා විවිධ චරිත ඔස්සේ අපි අතරට එන ප්‍රියසාද් පවුලේ දූවරු තුන්දෙනාට ප්‍රේක්ෂක ආදරය බෙහෙවින් ලැබෙන චරිත තුනක්.

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණියයි. ඉතින් දිනක්ෂි විවාහ වෙලා ඉන්නේ අපේ කලා කෙත පෝෂණය කරන නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක් විදියට කොයි කවුරුත් හදුනන කඩවසම් ජනප්‍රිය නලු සාරංග දිසාසේකර සමඟිනුයි. ඉතින් සාරංග සහ දිනක්ෂි කියන්නේ මේ වන විට ආදරණීය දියණියකගේ දෙමාපියන්.

image 25

ඉතින් සාරංගගෙයි දිනක්ෂිගෙයි දියණිය වන පුංචි සාරන්‍යා පසුගිය දිනක ඇගේ පළමු උපන්දිනය සැමරුවා. ඒ මොහොතේ තමයි සාරංගත් දිනක්ෂිත් දියණියගේ මුහුණ මුලු රටටම පෙන්නුවේ. ගොඩක් දෙනෙක් සාරංගට සහ දිනක්ෂිට විවිධ කතා කිව්වත් ඔවුන් කියලා තිබුණේ බබාගේ මූණ නොපෙන්වා ඉන්නේ ඇස් වහ වදින නිසා නම් නෙමෙයි කියලයි.

image 27

මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ වැඩි පුරම කතා බහ කරන සහ ප්‍රධාන මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ මේ පුංචි සාරන්‍යා.

image 26

දියණියට මේ විදියටම නම දාන්න වුණු හේතුව ගැන ඇය මේ විදියටයි යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකට අදහස් දක්වලා තිබුණේ.

image 30

”සාරංග හරිම කැමැත්තෙන් හිටියේ දුවෙක් ලැබෙනවට. මට හැම වෙලේම කිය කියා හිටියේ මට දුවෙක් ඕන. මට දුවෙක් ඕන කියලා…. අපි දෙන්නා නම් දෙකක් දාලා තිබ්බේ. එකක් මගේ නමින් පටන් ගන්න එකක්. අනිත් එක සාරංගගේ නමේ මුල් අකුරු වලින් පටන් ගන්න එකක්. ඉතින් සාරංග කැමති විදියට දුවෙක් ලැබුණු නිසා එයා තෝරපු නම දැම්මා…..”

image 29

ඉතින් දැන් සාරන්‍යාව හැමෝටම දැක ගන්න පුලුවන්.

image 28
image 31