සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාත් කියල කියන්නෙ සමාජ මාධ්‍ය ජාලා තුළ මෙන් ම කලා ක්ෂේත්‍රය තුළත් ඉතාම ජනප්‍රිය චරිත දෙකක්. ඔවුන්ගේ ජීවිතයේ සිදුවන සෑම වැදගත් අවස්ථාවක් ම රසික රසිකාවියන් සමඟ බෙදා ගන්නා ඔවුන් ඉතාම විනෝදකාමී සහ ප්‍රීතිමත් පවුල් ජීවිතයක් තමයි ගත කරන්නේ. දිනාක්ෂි ප්‍රියසාත් කියලා කියන්නේ සාරංග ගේ දෙවන බිරිඳ. ඔහු පළමු වරට විවාහ වන්නේ උමාලි තිලකරත්නත් සමග වන අතර ඔවුන් අතර ඇතිවූ යම් යම් නොගැළපීම් නිසා ම එම විවාහයෙන් සමු ගැනීමට ඔවුන් දෙදෙනා තීරණය කරනවා. ඉන්පසුව තමයි සාරංග දිනක්ෂිව සිය බිරිඳ විදිහට තෝරගන්නෙ.

ඉතින් ඔහුගේ එම තෝරා ගැනීම මල්ඵල දරමින් ඔවුන්ගේ පවුලට සාරන්‍යා නමින් පුංචි සිඟිත්තියක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මුළු පවුලේම ආදරේ සහ ආකර්ෂණය දිනා ගන්නා මේ චූටි දුව මුළු රටේම රසික රසිකාවියන්ගේ ආදරය දිනා ගැනීමටත් මේ වන විට සමත් වෙලා තියෙනවා. ඉතින් සාරංග සහ දිනක්ෂි තම සිඟිති දියණියගේ මුහුණ සමාජ මාධ්‍යට පෙන්නන්නෙ දියණිය ඉපදිලා හරියටම අවුරුද්දකට පස්සෙ. දියණියගේ ආරක්ෂාව සහ රැකවරණය ගැන නිරන්තරයෙන්ම සිතන දෙමව්පිය යුවළක් වන සාරංග සහ දිනක්ෂි ඇත්තෙන්ම සමාජයට මහත් වූ ආදර්ශයක්. ඉතින් පසුගිය දිනක්ෂි එකතු වුණු එක්තරා මාධ්‍ය වැඩසටහනක දී තම දියණිය ගැන කිව්වේ මේ වගේ දෙයක්.

ඇය කියන විදියට ඇය ඇයට ලැබෙන ඕනම කෙනෙක් භාරගන්නට සූදානමින්ලු හිටියේ. ඒත් ඉතින් සාරංග දුවෙක්ට තමයිලු වැඩියෙන්ම කැමැත්තෙන් හිටියේ.ඔවුන් දෙදෙනාගේම නම් වල එකතුවෙන් නම් දෙකක් තම දරුවාට දැමීමට සූදානම් කරගෙන සිටි බවත් සාරංග ගොඩක්ම කැමැති වුණේ දුවෙක්ට නිසා ඔහුගේ නමින් එන සාරන්‍යා කියන නම තම දුවට දැමූ බවත් ඇය කියා සිටිනවා. ඒ වගේම තමයි ඉස්සර වගේ ඇයට දැන් නිදහසක් නැති බවත් වගකීම් වැඩි බවත් දැං හරිම සුන්දර කාලයක් ගත කරන්නේ කියලත් ඇය කියා සිටිනවා. ඒ වගේම තම දියණිය කලාවට එකතු වෙනවා නම් ඇය කැමැති බවත් වැඩිදුරටත් ඇය පවසා සිටියා. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය පවුලේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
