මෑතක දී ඉපදුන පරම්පරාව හැරෙන්නට සරලා කාරියවසම් කියන්නේ කවුද කියලා ඕනෑම කෙනෙක් දන්නවා.
”ලොව හොදම ළමා නිළිය” වශයෙන් ලාංකේය දියණියක් ලෙස සම්මාන දිනාගන්නට සමත් වුණේ සරලායි.
බොලිවුඩය, හොලිවුඩය සහ ජාත්‍යන්තර සිනමාවටත් ඇය අලුත් කෙනෙක් නම් නොවෙයි.
ඒ අනුව කිවහොත් දීපා මේතාගේ ”වෝටර්” චිත්‍රපටයේ ”චුයියා” නම් ප්‍රධාන චරිතය රගපෑම වෙනුවෙන් ඇයට අමෙරිකාවේ පැවැති සිනමා උළෙලක දී සම්මානයක් ලැබෙනවා. ඒ තමයි ඉහත කියපු සම්මානය.
පළමු වරට ඇය ලක්මවට එම සම්මානය තිළිණ කරන්නේ 2007 වසරේ දීයි.
නමුත් ළමා කාලයෙන් පසුව නැවතත් ඇයව කළා ක්ෂේත්රය තුල දැකගන්න ලැබෙන්නේ නැහැ.

සරලා එම සිනමා පටයට එක්වීම ගැන මතක සඳහන් කරන්නේ මෙලෙසින්,
”මම ගාල්ලේ සංඝමිත්තා පාසලේ ඉගනගනිද්දී තමයි මාව වෝටර් චිත්‍රපටයට තෝරාගත්තේ…. එතැනදී අපිට කිව්වා පවුලේ කෙනෙක් මැරී, ලා කියලා හිතාගෙන අඩන්න කියලා…. මේ සඳහා මගේ කොණ්ඩය සම්පුර්ණයෙන්ම කපන්න වුනා. අම්මා නම් කිව්වා කොණ්ඩේ කපන්න එපා කියලා, චිත්‍රපටයට එය අවශ්‍යම නිසා කරන්න සිදු වුනා….”
ඉන් අනතුරුව ගත කළ කාලය ගැන ඇය කියන්නේ මෙලෙසින්,
”ඉන් පස්සේ අධ්‍යාපන කටයුතුත් එක්ක රඟපෑම ගැන හිතුවේ නැහැ…. සිරස පුංචි පැංචි සහ අබා චිත්‍රපටයේ කොටසකට දායක වුණා. ඊට අමතරව තවත් යකඩ දෝලි ටෙලිනාට්‍යයේ රඟපෑවා. ලන්ඩන් ඒ ලෙවල් විභාගය කරන අතරේ අන්තර් ජාතික ව්‍යාපාර කළමනාකරණ අංශයේ උපාධියත් ලබාගත්තා. අම්මා දවසක් කිව්වා මගේ හඳහන බලපු හාමුදුරු කෙනෙක් කිව්වලු කවදාහරි මම ලෝක ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා කියලා. මගේ නම සරලා… ඒ වගේම හරිම සරල කෙනෙක්, ඕනෑවට වැඩිය කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ…”

”දීපා මේතා ආන්ටි නිසා බොලිවුඩයට යන්න අවස්තාව ලැබුනා… ඒ කාලේ මට හොලිවුඞ් චිත්‍රපටයක රඟපෑමේ අවස්ථාවක් ලැබුණා. තාත්තා කිව්වා අධ්‍යාපනය පැත්තක දාලා ඒවාට යන්න එපා කියලා…”

සරලා දැන් විවහා වෙලා ඉන්නේ ජනප්‍රිය නලු එරංග ජීවන්ත සමගයි.

දැන් මේ දෙදෙනාට පුංචි දරුවන් දෙන්නෙකුත් සිටිනවා.
එරංග දැනටත් කලාවේ නිරතවෙලා ඉඉන්න නමුත් සරලා රඟපෑම් කටයුතු වල නිරත වෙන්නේ නෑ.

නමුත් සරලා ව්‍යාපාර කටයුතු කිහිපයක් ආරම්භ කර ඇති අතර කුඩා දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඇඟලුම් ඇතුළු නිෂ්පාන ව්‍යාපාරයකට ඇය අත ගසා තිබෙනවා.
