උණුසුම් පුවත්
Search
sanuka and windy

රටම බලා සිටි සනුක – වින්ඩි විවාහය අදයි (ඡායාරූප සහිතයි)

8618

නව පරපුරේ ගායන ශිල්පී දෙදෙනෙක් වන සනුක වික්‍රමසිංහ හා වින්ඩි ගුණතිලක අද (26) දින යුගදිවියට පිවිස තිබෙනවා.

image 272

ඒ බව ඊයේ (25) දිනයේ ද අප වාර්තා කර සිටියා.

මෙරට ප්‍රකට සංගීත පවුල් දෙකකින් පැවත එන මොවුන් දෙදෙනා ගැන නොදන්නා කෙනෙකු නැති තරම්.

මීට පෙර වින්ඩි ගුණතිලකගේ මව වන ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරා මේ බව සඳහන් කර තිබුණා.

image 273
image 274

ඇය වැඩිදුරටත් කියා තිබුණේ වින්ඩිගේ උපන්දිනය යෙදෙන අද (26) දිනට විවාහ වීමට ඇය සූදානම් බවත් ඒ සඳහා රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළ ද ඉඩ ලබාදුන් බවයි.

අමෙරිකාවේ බොහෝ කාලයක් වාසය කර ලංකාවට පැමිණි වින්ඩි, සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වීමත් සමඟ ගායන ශිල්පී සනුක වික්‍රමසිංහ සමඟ එක්ව කටයුතු කරනු ලැබුවා.

image 275

ඉන් අනතුරුවයි ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්ව ඇත්තේ.

සනුක වික්‍රමසිංහා, මෙරට සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින සංගීත් වික්‍රමසිංහගේ පුතණුවන් වීම ද විශේෂත්වයක්.

එමෙන්ම මෙම විවාහය වින්ඩිගේ උපන්දිනය දවසෙම යොදා ගැනීම තවත් සුවිශේෂී කරුණක්.

image 276