නූතන පරපුරේ ප්‍රකට ටෙලි නාට්‍ය හා සිනමා නිළියක සේම, නිවේදිකාවක් සහ වෘත්තියෙන් ගුවන් සේවිකාවක් ද වන දිනිති වල්ගමගේ ඊයේ (30) දින සිය 32 වන උපන්දිනය සමරනු ලැබුවා.
ගාල්ල සංඝමිත්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඇය ජෛව තාක්ෂණවේදය පිළිබඳ ගෞරව උපාධිධාරිණියක් ද වනවා.
ගුවන් සේවිකාවක ලෙස සිය වෘත්තිමය කටයුතු අතරේම රංගනයට ද නිවේදනයට ද ඇය සම්බන්ධ වන බව කවුරුත් දන්නා කතාවක්.

අශෝක හඳගමගේ ‘අක්ෂරය’ චිත්‍රපටය හරහා සිනමා ක්ෂේත්රයෙන් ඉදිරියට එන දිනිති පසුව කලක් විදේශගතව සිට ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ‘හාරකෝටිය’ ටෙලිනාට්‍ය හරහා නැවත රංගනයට අවතීර්ණ වනවා.
ඉන්පසුව ‘සිල්ලර සමනල්ලු’, ‘හිරු ඇවිදින්’, ‘නෝ පාකින්’, ‘බ්ලැක් ටවුන් ස්ටෝරීස්’, ‘කොළඹ ඉතාලිය’, ‘ෂැඩෝ’, ‘රේස්’ සහ ‘රැල්ල වෙරළට ඇවිදින්’ වැනි ටෙලිනාට්‍ය රැසක රංගනය කළ ඇය තේජා ඉද්දමල්ගොඩගේ ‘ආශාවරී’ චිත්‍රපටය ඔස්සේ ද මෑතකදී යළි සිනමා තිරයෙන් දැකගන්නට ලැබුණා.

විකාශය වීමට නියමිත සංජය නිර්මාල්ගේ ‘BTS’ ටෙලිනාට්‍ය හරහා තිරකතා රචිකාවක් ලෙස ද තම නිර්මාණ භාවිතාවේ හැරවුම්ලක්ෂයක් සනිටුහන් කිරීමට බලාපොරොත්තු වන ඇය සිරස නාලිකාවේ Film Star වැඩසටහනේ මෙන්ම The Voice අන්තර්ජාතික වැඩසටහනේ ද එක්තරා වෙළුමක නිවේදිකාව ලෙස කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් බොහෝ දෙනා අතර මේ දිනවල නම් ඇය ප්‍රකට මෙරට රංගන ශිල්පියෙකු වන සංගීත් සතරසිංහ හිතවත්කම නිසයි.
ප්‍රේක්ෂකයින් නම් කියන්නේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවයි.
නමුත් ඔවුන් දෙදෙනා නම් එය ප්‍රසිද්ධ මාධ්‍යයේ මෙතෙක් තහවුරු කර නෑ.
ඉතින් ඊයේ දිනිතිගේ උපන්දිනය දවසෙත් සංගීත් ඇයව පුදුම කරමින් අපූරු සාදයක් සංවිධානය කර තිබුණා.






