උණුසුම් පුවත්
Search
dinithi and sangeeth

”තවම සංගීත් හොඳම යාලුවා විතරයි, ඉස්සරහට මොනවා වෙයිද කියන්න බෑ” – දිනිති වල්ගමගේ

337

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සිටින අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙස දිනිති වල්ගම හැඳින්විය හැකියි. වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ඇය මෑතක දී තිරගත වුණු අශාවරී චිත්‍රපටය හරහා ද වැඩි රසික ආදරයක් දිනා ගත්තා. පසුගිය කාලයේ ඇයට සිදුවුණු ඇතැම් සිදුවීම් නිසා නිතර කතා බහට ලක්වුණු දිනිති මේ දිනවල පෙම්වතියක් වී ඇති බව සමාජ මාධ්‍ය තුළ විවිධ කටකතා හුවමාරු වෙනවා. එම නිසාම ඒ පිළිබඳව දැනගැනීමට සහ ඇගේ නවතම කලා කටයුතු පිළිබඳ දැනගැනීමට දිනිති හදගැස්ම කතා බහට එක්වෙලා තිබුණේ මෙලෙසිනුයි.

මොකක්ද මේ සංගීත් සතරසිංහ සහ ඔබ පෙම්වතුන් කියන කතාව?

එහෙම කතාවක් මම දන්නේ නැහැ. මම, සංගීත්, දෙව්නක, අංජලී, හෂිනි, සංගීත්ගේ අම්මි, තාත්ති අපි හැමෝම යහළුවෝ. මම වැටුණු වෙලාවක මට ප්‍රශ්නයක් පැමිණෙන වෙලාවක මම සමඟ සිටින පිරිස තමයි ඔවුන්. පවුලක් වගේ මගේ ළඟින් හිටියේ එයාලා. ඔවුන් සමඟ සිටින විට හරිම සැහැල්ලුයි. සංගීත්ගේ අම්මි වුණත් අපිව ළමයි වගේ බලා ගන්නවා. හොඳ මිනිසුන්ට හොඳ මිනිස්සු හම්බවෙනවා. අපි එක පවුලක් වගේ.

image 515

සංගීත්ගේ පවුලේ අය සමඟ සිටිනකොට මට එතැන ආරක්ෂාවක් තිබෙනවා කියලා දැනෙනවා. මමත් ජීවිතේ විඳින මනුස්සයෙක්. එයාලත් ජීවිතේ විඳන මිනිස්සු. මට ජිවිතේ සතුටක් ලැබෙනව නම් මම යන්නේ සතුට තිබෙන තැනට.

image 510

සංගීත් සමඟම වැඩිපුර වීඩියෝ වල පෙනී සිටින්නට හේතුවක් තිබෙනවාද?

අපේ කට්ටිය කොහොමත් දක්ෂයි. ගැළපෙනවා වගේ පෙනෙන දෙන්නෙක් කපල් කරන්න. අපි දෙන්නට ගොඩක් වැඩ සටහන්වලට කතා කරන්නේ එකට. ඒවා අපි ඉල්ලගෙන යන වැඩසටහන් නෙවෙයි. ඔවුන්මයි අපිට කතා කරන්නේ. එකට YouTube වීඩියෝ එහෙම කරනකොට කට්ටිය ඉතින් කතා හදනවා. ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. අපි දෙන්නට එකට ගැවසෙන්න වෙලාව හම්බවෙනවා. ඒවා සාමාන්‍යයි.

image 511

ඒ කියන්නේ සංගීත් සහ ඔබ යහළුවන් පමණයිද?

ඔව්. මම සහ සංගීත් දැනට හොඳ යහළුවන් පමණයි. ඇතැම් විට වෙන්න පුළුවන් දේවල් තිබෙනවා. ඇතැම් විට නොවෙන්නට පුළුවන් දේවල් තිබෙනවා. අපේ ගැළපීමක් තිබෙනවා නම් ඉදිරියේදී එකතු වෙයි. ඉදිරියේදී කුමක් වෙයිද කියන්න බැහැනේ. අපිට අනාගතය තීරණය කරන්න බැහැ. දැනට ඔහු සහ මම හොඳම යහළුවන් පමණයි.

image 514

දිනිති ළඟදීම විවාහ වෙයිද?

මට මගේ තාත්තා වගේ ආදරය කරන කෙනෙක් ලැබෙනකම් මම ඉන්නවා. මගේ තාත්තා මගේ අම්මට ආදරය කරනවා වගේ මටත් ආදරය කරන කෙනෙක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම විවාහ වේවි. හොඳ කෙනෙක් ලැබෙයි. එතකම් මේ විධියට ඉන්නවා. මම හිතන්නේ නැහැ ඒක කාටවත් ප්‍රශ්නයක් වෙයි කියලා.

image 513

අනාගත බලාපොරොත්තු කොහොමද?

අද දවස ජීවිතේ විඳින්නයි මට ඕනේ. මම ඊයේ වෙච්චි දේ ගැන දුක් වෙන්නේවත්, දැකලා නැති හෙට ගැන හිතන්නේවත් නැහැ. අද දවස ලැබුණ තෑග්ගක්. ඒ අද දවසට මම ආසයි. ඒ දවස සතුටින් ඉන්නයි මට ඕනේ.

image 512

සචිනි බස්නායක

Source – Mawbima




Leave a Reply

Your email address will not be published.