සඳනි ප්‍රනාන්දු කියලා කියන්නේ ඇයටම ආවේනික වූ අමුතු ලස්සනක් හිමිකාරීත්වය දරණ සුන්දර තරුණියක්.ඒ නිසාම ඇගේ සිරුරේ හැඩයටත් මුහුණේ සුන්දරත්වයටත් තරුණ පිරිමි ළමයි වශී වී සිටින වග නොරහසක්.ඔවුන් පවසන ආකාරයට නම් සඳනි වෙනුවට පෙනී සිටින්න ලංකාවේ කෙල්ලෙක් නෑ කියලා තමයි කියන්නේ.ඒ තරමටම ඇගේ රූසිරිය වර්ණනා කරන නව යොවුන් සමාජය ඇයට ලබා දෙන්නේ මහත් වූ ආදරයක්.ගේම් පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාව තුළ දී පවසා සිටියේ මෙවැන්නක්.

“මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න 2016 අවුරුද්දේ ඉඳන්.ඒ නිරූපණය සහ වෙළඳ දැන්වීම් හරහා.ඊට පස්සේ 2017 වසරේදී මම රූපවාහිනී අවුරුදු කුමරිය තරගයට අයදුම් කරනවා.එහිදී මට 2017 වසරේ රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබීමට හැකි වුණා.ඊට පස්සේ මට music videos වලට සහ මොඩ්ලින් වලට ගොඩක් ආරාධනා ලැබුණා.ඉතින් ඒවත් එක්ක තමයි මම මේ දවස් වල කාලය ගත කරන්නේ.

මට පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේ දී.ඉතින් ඒක නිරූපිකාවක් විදිහට ඉදිරියට ගමනක් යෑමේදී ගොඩක් වටිනවා.ඇත්තටම මම දැන් පෙම්වතියෙක්.මම ආදරේ කරන්නෙ ලංකාවේ කවුරුත් දන්න පියත් රාජපක්ෂ සමඟ.ඔහු මට මුණ ගැහෙන්නෙත් ක්ෂේත්‍රයට ආවට පස්සෙ.ඇත්තටම ඔහු ඉතාමත්ම හොඳ ගතිගුණ තියෙන කෙනෙක්.

මාත් එක්ක අමනාපෙන් ඉන්නේ කවුද කියන දේවල් හොයන්නේ නැහැ. මට ලැබෙන දේ හොඳින් කරලා පාඩුවේ ඉන්නවා. මොන දේ කරලා හරි ක්ෂේත්‍රයේ ජනප්‍රිය කෙනෙක් වෙන්න ඕන කියලා හිතන පිරිසකුත් ඇති. මම දන්නේ නැහැ අධ්‍යක්ෂකවරුන් එක්ක යම් දේවල් කරනවද කියන දේ ගැන. මටනම් මෙතෙක් එහෙම යෝජනා ලැබිලා නැති නිසා ඒ දේවල් ගැන හරියටම කියන්න දන්නේ නැහැ. ජනප්‍රිය වෙනවා නම් කරන්න ඕන තරම් වැඩ තියෙනවා.ඒ උනාට මට එහෙම ජනප්‍රිය වෙන්න අවශ්‍යතාවක් නෑ.කලා ක්ෂේත්‍රය කියන්නේ හොඳ තැනක්.අපි හොඳින් ඉන්න තාක්කල් හොඳ දේවල් ලැබේවි.”
යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා සුබ පතනවා.
