උණුසුම් පුවත්
Search
sanath j

”ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපති” ධුරය සනත් ජයසූරියට

310

ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයා ලෙස ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත් කිරීමට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබේ.

නව සංචාරක උපදේශක මණ්ඩලය සමඟ පත්වීම ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ උත්සවයක් බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

සනත් ජයසූරිය ලොව පුරා අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙකු වන අතර විශේෂයෙන්ම ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ මාලදිවයින ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමට ඔහු එකඟ වී ඇති බව ද වාර්තා වේ.

ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කර තිබේ.

ඔහුගෙ පන්දුවට පහර දීමේ විලාශය සහ තරඟ දිනවීමේ සුවිශේෂී හැකියාව නිසා ලොව මෙතෙක් බිහි වූ හොඳම එක්දින ක්‍රීඩකයන් අතරට ඔහු ද එක්ව සිටීම විශේෂත්වයකි.

2013 ජනවාරි 28 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වශයෙන් සනත් ජයසූරිය පත් කල අතර මොහුගේ නිල කාලය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වරට 2014 වසරේදී ක්‍රිකට් 20-20 ලෝක කුසලානය දිනා ගැනීමට ද සමත් විය.

ශ්‍රි ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමට 1989 දී සම්බන්ධ වූ ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වු ක්‍රීඩකයෙකු වන අතර එක්දින තරඟවල දී ලකුණු 13000 ඉක්මවුද කඩුලූ 300 දවාගන්නා ලද්දා වුද ලොව සිටින එකම ක්‍රීඩකයා මොහුය.

ඔහු අධ්‍යාපනය ලද්දේ මාතර සර්වේෂස් විද්‍යාලයෙනි.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන ලද්දේ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදීය.

කෙසේ නමුත් ඔහු පසුකාලීනව දේශපාලනයට සම්බන්ධ වූ නමුත් කෙටි කාලයකින්ම ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නා ලදී.

image 98



Leave a Reply

Your email address will not be published. Required fields are marked *