උණුසුම් පුවත්
Search
sanath nishanthas wife chamari perera

සනත් නිශාන්තගේ බිරිඳට පොහොට්ටුවේ ඉහළ තනතුරක්

107

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ නිල නිවසේදී පසුගිය 27 වනදා පැවැති එම පක්ෂයේ විධායක කමිටු රැස්වීමේ දී පක්ෂයේ වැදගත් කමිටු කිහිපයක් සඳහා නව නිළධාරීන් පත්කර තිබෙනවා.

පක්ෂයේ නව විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන පුද්ගලයින් පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් 07 ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්චි සහ චමරි පෙරේරා (හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ) යන කණ්ඩායම පත්කල බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා.

Sanath Nishantha's widow contemplates political career – The Island

ඔහු වැඩිදුරටත් කියා සිටියේ විනය මණ්ඩලය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් නොකිරීමට පියවර ගත් බවයි.

එමෙන්ම පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කිරීම සඳහා වන බේරුම්කාර මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චමල්, ජොන්ස්ටන්, එස්. බී, සී. බී. රත්නායක, රෝහිත සහ මංජුලා දිසානායක යන පුද්ගලයින් පත්කර තිබෙනවා.