ලස්සන දවස් කීපයක් ගෙවන්න ඒ අය නිදහසේ දවසක් විදෙස් සංචාරයක එකතු වෙලා… ඒ දෙන්නා වගේම පුංචි ජේඩන්ත් අම්මයි තාත්තයි එක්ක හරි හරියට විනෝද වෙලා කියලා මේ ෆොටෝ දැක්කාම පේනවා නේ… ඒත් එක්කම සජිත තමගේ පවුලට ගොඩක් ආදරේ සැමියෙක් වගේම හොඳ තාත්තා කෙනෙක් කියලාත් කියන්න පුළුවන්… මොකද සතුටු වෙන්න තියන ඕනම වෙලාවක එයා පවුලත් එක්කත් ඒ අත්දැකීම බෙදා ගන්න අමතක කරලා නැහැ…
ඇත්තටම කලාකරුවෙක් වගේම හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න හැම තත්පරේකම උත්සාහ කරන තාත්තා කෙනෙක් ඉන්නවා කියන්නෙම ඒ බිරිඳත් පුංචි පුතත් හරිම වාසනාවන්තයි..
ඔහු මේ ආදරය දිනාගෙන තියෙන්නෙත් ගොඩාක් පරිස්සමෙන් ඒත් එක්කම ඒ දිනා ගත්ත ආදරය රැකගන්නත් ඔහු ගොඩාක් උත්සාහ කරනවා.. මේ පවුලේ සතුට උතුරන්නේ අන්න ඒ නිසයි..
මේ සතුට වැඩි කරන තවත් පුංචි සාමාජිකයෙක්නේ ජේඩන් කියන්නේ… මේ පුංචි වයසට එයත් අම්මා තාත්තා වගේම විනෝද වෙන්න පුරුදු වෙලා…