උණුසුම් පුවත්
Search
jackson 1 1

ප්‍රවීන රංගවේදී ජැක්සන් ඇන්තනී ගැන දුක්මුසු ආරංචියක්

585

හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ මතක ශක්තිය අඩපණ වීමේ අවදානමක් පවතින බව ජාතික රෝහලේ වෛද්‍යවරු පවසනවා.

df4d7097 9e26 4057 809b 26bed8e350e0

දිගු කලක් සිහිසුන්ව සිටීම නිසා මොළයට ගමන් කරන ඔක්සිජන් සහ රුධිරය ප්‍රමාණය අවම වීම නිසා මෙම තත්ත්වය හටගන්නා බවයි වෛද්‍යවරු අවධාරණය කරන්නේ.

image 323

ඇදක් මත එකම ඉරියව්වකින් දිගු කාලයක් සිටීම නිසා සිරුරේ පිට ප්‍රදේශයේ තුවාල ( bed sources ) හටගැනීමේ අවදානමක් ද පවතින බවත් ඒ සදහා ප්‍රතිකාර කිරීම සිදු කරන බව ද සදහන් කරනවා.

ඉකුත් ජූලි මස 02 වැනිදා රාත්‍රියේ දී අනුරාධපුර, තලාව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරින් ජැක්සන් ඇන්තනී මහතා බරපතල තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා.

image 322

ඔහු මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් අති විශාල සේවයක් ඉටු කළ අයෙකි.

කුමාරි මුණසිංහ මහත්මිය සමඟ විවාහ වී සිටින ජැක්සන් ඇන්තනී රංගවේදියා හට දරුවන් තිදෙනෙකු සිටින අතර ඔවුන් ද මෙරට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දස්කම් දක්වමින් සිටින නම් දිනූ පිරිසකි.

image 319
image 320
image 321