උණුසුම් පුවත්
Search
Sachini Ayendra

තාමත් 18 කෙල්ල වගේ පිරිමින්ගේ දැහැන බිඳින දවසටම එක වේලක් බත් කන සචිනි

40153

සචිනි අයේන්ද්‍රා කියන්නනේ අපේ රටේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්. ටෙලිනාට්‍ය සහ සිනමාවේත් දකින්න ලැබෙන සචිනි රුපලාවන්‍ය ක්ෂේත්‍රයටත් සම්බන්ද වෙලා සිටින කෙනෙක්. සචිනිගේ පෞද්ගලික විස්තර ගැන කිව්වොත් ඇයගේ උපන් ගම තමයි නුවර. පවුලේ බාලම දියණිය වන ඇය පාසල් යන කාලයේ ඉඳලා කළා කටයුතු වලටත් අධ්‍යාපනයටත් ගොඩක් දක්ෂයිලු. 2003 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගන්න සචිනි කොහොමත් රූප සුන්දරියක් බව දකින ඕනම කෙනෙක්ට පේනවා.

21 61ba7edb6b49f

රංගන ශිල්පිනියක් විදියට සම්මාන රැසක්ද දිනාගෙන තිබෙනවා. පුංචි තිරයේත් රිදී තිරයේත් අමතරව වේදිකා නාට්‍ය වලටත් තම දායකත්වය ලබා දීලා තියනවා. ඒ විදියට වර්ෂ ගනනනවක්ම රංගන කටයුතු වල යෙදෙන ඇය වර්තමානයේදී රඟපාන්නේ නම් නැහැ. ඊට අමතරව තවත් විශේෂිත සම්මානයක් සචිනිට ලැබිලා තියනවා. 2016දී ඇමරිකාවේ පැවැත්වුන ලෝක කළා රංගන වැඩසටහනට සහභාගී වූ පළමු ලංකික නිළිය ලෙසින් ඇයට ඇගයීම් ලැබෙනවා.

21 61ba7f09a3461

මේ හැම දෙයක්ම එක්ක සචිනි ගැන හැමෝම කතාකරන තවත් දෙයක් තමයි ඇයගේ පෙනුම. ඒ කියන්නේ එදා සිට අද දක්වාම සුන්දර රූපයක් හිමි ඇය තාමත් විස්සක විසි පහක කෙල්ලෙක් වගේ හැඩට ඉන්නවා. හැමදාමත් එකවගේ සිටින ඇය වයසට යන්නේ නැති කෙනෙක් විදියටයි හඳුන්වනේ. මෙහෙම කෙනෙක් දිහා බැලුවම විශේෂයෙන් කාන්තාවන් උනන්දු වෙනවා ලස්සන වීමේ රහස මොකක්ද කියලා දැනගන්න.

21 61ba7edcc2484

මෙහෙම ලස්සනට සම රැකගෙන ඉන්නත් මහත් වෙන්නේ නැතිව සිහින්ව ඉන්නත් මොනවද කරන්න ඕන කියලා වැඩියෙන්ම විමසන්නේ කාන්තාවන්ලු. සචිනි කියන්නේ දරුවන් සිටින මවක් කියලත් ඔයාලා දන්නවා ඇතිනේ. ඉතින් ලස්සන වෙන එක ගැන ඇය කිව්වේ මෙහෙම කතාවක්. දරුවෝ ඉන්න අම්මා කෙනෙක් විදියට ඒ හැම දෙයක් ගැනම බලනවා වගේම මගේ පසනල් දේවල් වලටත් කොහොමහරි වෙලාව වෙන් කරගන්නවා.

21 61ba7edbb95b5

තමන්ට තමන් ආදරේ කරන්නේ නැත්නම් කිසිම දෙයක් හරියට කරන්න බැහැ. ජිම් යනවා වගේම ආහාර ගනිද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. කෑම වලින්ම තමයි මගේ සුන්දරත්වය රැකගෙන ඉන්නේ. බත් කන්නේ දවසටම එක වෙලයි, බත් කද්දීත් පෝෂදායි එළවලු ගැන අවදානය යොමු කරන්න ඕන. ඒක එකපාරම පුරුදු වෙන්න බැහැ ටිකෙන් ටික කෑම අඩු කලාම නිකන්ම ඒකට හුරු වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *