උණුසුම් පුවත්
Search
dusheini

”අම්මා තාත්තට පස්සේ මට වටිනම කෙනා සචින්” – දුෂේනි සිය පෙම්වතා ගැන පළමු වරට හෙළිකරයි

33

පසුගිය දා අවසන් වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී ජනප්‍රියම නිළිය ලෙස සම්මාන ලබාගන්නට දුෂේනි මියුරංගි සමත් වුණා. ඇය මේ වසරේ මින් ඉහත සුමති ටෙලි සම්මාන උළෙලේදීත් පසුගිය වසරේ සුමති – රයිගම් සම්මාන උළෙල දෙකේදීත් ජනප්‍රියම නිළිය වූ අතර පාඨක ආදරය නොඅඩුව රඳවාගනිමින් සිය ජනප්‍රියත්වය පවත්වා යමින් සිටියේ ටෙලි නාට්‍ය කිහිපයක් හරහා සමීප වෙමිනි.

දුෂේනිගේ මෙවර සම්මානය සමග ඇයට සමීප රංගන ශිල්පී පෙම්වතා ගැන ආරංචිය කළ එළි බැස්ස අතර ඇය රයිගම් සම්මානය අතේ තබාගෙන තම පෙම්වතා සමග සම්මුඛ සාකච්ඡා වලට ද එක්ව සිටියේ ඇගේ පෙම්වතා ගැන රහස හෙළි කරමිනි.

May be an image of 2 people and wedding

ඒ වෙනත් කිසිවෙකු නොව ‘කියා දෙන්න ආදරේ’ ටෙලි නාට්‍ය හරහා ඔබ හමුවට එන සචින් ලියනගේය. ඔහු ගැන මින් ඉහත වාර්තා පළ වූයේ ඔහු ශලනි තාරකාගේ පෙම්වතා බව කියමිනි. නමුත් දුෂේනිගේම වචන අනුව ”ඔහු දැන් ඇගේ මව හා පියාට පසුව ඇයගේ ජීවිතයේ ඊළඟට වැදගත්ම කෙනාය.

May be an image of 1 person, standing and indoor

සචින් පවසන්නේ තමා ඇයගේ ජීවිතය පුරා රැකවරණය භාරගත් බවයි.

2015 වර්ෂයේදී “මිස් ඒෂියා” කිරුළ හිමි කරගත් දුෂේනි මියුරංගි 2017 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස ද කිරුළු පැළඳියා. 2017 වසරේ ඔක්තෝබර් මස අවසානයේ චීනයේ පැවැති ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

May be an image of 3 people, beard, people smiling and wedding

ඒ වන විට ඇය ටෙලි නාට්‍ය කේෂත්‍රයට පිවිස තිබුණ අතර ආරම්භක කාලයේ දී ඇගේ පෙම්වතා වූයේ අනුජ් රණසිංහ බව නොරහසකි. ඔහු සමග එක්ව දුෂේනි රූපලාවන්‍යාගාරයක් ද අරඹා විවාහ වීමට ස්ථාවරයක් සකසමින් සිටිය දී එම සම්බන්ධය එක්වරම බිඳ වැටුණේය. එම සිදුවීමෙන් පසු ඇය කාලයක් කලා ක්ෂේත්‍රයෙන් ද ඉවත්ව සිටි අතර බොහෝ කාලයක් නිහඬව සිටියේය. ඉන් අනතුරුව දුෂේනි ඉන්දියාවට වී කල් ගත කර තිබූ අතර එහිදී ද ඇය කලා නිර්මාණ වලට දායක වූ බවත් ආරංචි විය. පසුව නැවත පැමිණියේ තමා ජීවිත අභියෝගය සමග සටන් කරන බව පවසමිනි… කෙසේ නමුත් කලකට පසු පැමිණි ඇගේ හැරවුම් ලක්ෂය වූයේ ”පාර දිගේ” ටෙලි නාට්‍යයයයි. එහි බන්ටි නම් ලේලියකගේ චරිතයට පණ පොවමින් ඇය කලක් සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය විය.

May be an image of 3 people and text

No photo description available.

No photo description available.

No photo description available.