රටේ පවතින ගෑස් අර්බුදය නිසා ආපන ශාලා 60%ක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනිනුයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
“අද වෙනකොට ලිට්රෝ සමාගමේ ගෑස් වෙළඳපොලට සපයන්නේ නැතුව දවස් 5ක් වෙනවා. ඒකෙන් ජීවත්වෙන සුවිශාල පිරිසක් අද වෙනකොට යන එන මං නැතුව නන්නත්තාර වෙලා ඉන්නවා….. අපේ ආපන ශාලා 60%ක ප්‍රමාණයක් මේ වන විට වහලා දාලා කර කියාගන්න දෙයක් නැතුව මැරෙන්න බැරිකමට ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා ආපන ශාලා හිමියෝ.
විශ්වවිද්‍යාල බරපතළ ගණයේ අර්බුදයකට ලක්වෙලා තියෙනවා, මොකද ඒවායේ අඩු මිලට කෑම දෙන්න ඕනෙ….. අඩු මිලට කෑම දෙන්න නම් චෞ චෞයි, පිපිඤ්ඤායි, ගස්ලබුයි, අඹයි, වට්ටක්කායි තමයි දෙන්න වෙන්නෙ….. එහෙම නැතුව මේ එළවලුත් එක්ක කෑම දෙන්න බෑ…… මේවත් එක්ක කෑම කනකොට මේගොල්ලොන්ගෙ පෝෂණය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් එනවා…. රටකරන ඇත්තෝ, උන්ගේ හෙන්චයියෝ සහ ගජමිතුරු ව්‍යාපාරිකයෝ සුඛ විහරණය ලබද්දී අහිංසක මිනිස්සු අද ලෙවකන තත්වයට පත්වෙලා තියෙන්නෙ….”