ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් කළුතර ප්රාදේශීය සභාවට අයත් ආදාහනාගාර වල ආදාහන සේවා ගාස්තු ඉහළ නැංවීම සඳහා සභාපති සංජීව ආරියරත්න විසින් ඉදිරිපත් කළ යෝජනාවත් සමගින් ඊයේ (15) කළුතර ප්රාදේශීය සභාව තරමක් උණුසුම් විය.
මෘත දේහයන් ආදාහනය කිරීම සඳහා කළුතර ප්රාදේශිය සභා බල ප්රදේශය තුළ පදිංචිකරුවන් හට මෙතෙක් අය කළ ගාස්තුව රුපියල් 8,000කි.
එය රුපියල් 12,000ස දක්වා වැඩිකිරීමටත්, බල ප්රදේශයෙන් පිටත අයවලුන්ට අයකරනු ලබන රුපියල් 10,000ක ගාස්තුව රුපියල් 18,000ක් දක්වා වැඩි කිරීමටත් සභාපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.
මේ සමගම ස්වාධීන සහ විපක්ෂ මෙන්ම පාලක පක්ෂයේ මන්ත්රීවරුන් ද විවිධ අදහස් ප්රකාශ කළ අතර, අවසානයේදී එම ගාස්තුව බල ප්රදේශ ප්රදේශයේ අයවලුන් වෙනුවෙන් රුපියල් 10,000ක් ද,බල ප්රදේශයෙන් පිටත අයවලුන් වෙනුවන් රුපියල් 20,000ක් වශයෙන් සංශෝධනය විය.
පානදුර සුමිත් පොතුපිටිය / වාද්දුව දයා හේමන්ත සිල්වා