උණුසුම් පුවත්
Search
ROHITHA

අම්මා මතක් වී වේදිකාවේ හඬා වැටුණු රෝහිත

88

තමාගේ පයාගල නිවසට සිදු වූ පහර දීමෙදී බොහෝ දේ තමාට අහිමි වූ බව කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු ‘ යන ජන රැලිය අමතමින්.

මෙම ජන රැලිය ඊයේ (08) පෙරවරුවේ පැවැත්වුණේ රෝහිත අබේගුණවර්ධනගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීයි.

එම පහරදීම සිදුවන අවස්ථාවේදී තමා සිටියේ කොළඹ බවත් නිවසේ සිටියේ සිය මව පමණක් බවත් ඔහු පවසනවා.

එම පහරදීමෙන් සිය මව ගැලවුණේ යන්තමින් බවත් ඇයගේ ජීවිතය අහිමි වීමට ද ඉඩක් තිබූ බවත් මන්ත්‍රීවරයා සංවේදී වෙමින් පෙන්වා දී සිටියේය.

එමෙන්ම, රාජපක්ෂවරුන්ගේ දෙමාපියන්ගේ සොහොන් කොත් කඩා දැමූ අවස්ථාවේදී එම ම්ලේච්ඡත්වය සහ ත්‍රස්තවාදීත්වය පිළිබඳව තමා කල්පනා කළ බවත් එම වේදනාව මැදින් යලිත් පොහොට්ටුව නගා සිටුවන බවත් හිටපු අමාත්‍යවරයා පවසා සිටියා.