හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ සිය දෙවැනි ආචාර්ය උපාධිය ලබා තිබෙන බව රාජපක්ෂ පවුලේ සමාජ මාධ්‍ය පිටුවලින් අනාවරණය වෙනවා.
රෝහිත රාජපක්ෂගේ වැඩිමල් සහෝදරයා වන නාමල් රාජපක්ෂ, සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ස්ටෝරි එකක් පළ කරමින්, රෝහිත රාජපක්ෂට සුබ පැතුම් එක්කර තිබෙනවා.
ඊට අමතරව ෆේස්බුක් පිටු රැසක් ඔස්සේ ද ඔහුගේ මෙම ජයග්‍රහණය උත්කර්ෂයට නංවා තිබෙනු දක්නට හැකියි.
මෙම අවස්ථාවේ රෝහිතගේ බිරිඳ ටට්‍යානා ද සිටිනු දැකගත හැකියි.