ඉන්දියානු සම්භවයක් සහිත රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ප්‍රථම හින්දු සහ තලෙළු වර්ණ පුද්ගලයා බවට පත්වෙනවා.
වයස අවුරුදු 42ක් වූ ඔහු වසර 200 කට වඩා වැඩි කාලයක් තුල එම තනතුරට පත් වූ ලාබාලතම පුද්ගලයා ද වනවා.
සුනක් ප්‍රථමයෙන් 2015 දී මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අතර වසර දෙකක් පසුපෙළේ ගත කළ අතර එම කාලය තුළ බ්‍රෙක්සිට් දේශපාලන න්‍යාය පත්‍රයේ ආධිපත්‍යය දරනු ලැබුවා.
සුනක් 2016 එක්සත් රාජධානියේ පැවති ජනමත විචාරණයේදී යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සිය සහාය ලබා දුන්නා.
පසුව ඔහු තෙරේසා මේ ගේ ආණ්ඩුවේ කනිෂ්ඨ ඇමතිවරයෙකු බවට පත් කරනු ලැබුවා .
2019 දී පළමු වරට රජයේ ප්‍රධාන භූමිකාවක් සුනක් හට ලබා දුන්නේ බොරිස් ජොන්සන් අගමැතිවරයා විසින්.
එහිදී ඔහු භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසත් 2020 දී චාන්සලර්වරයා ලෙසත් පත් කෙරුණා.
වසංගත සමයේ මුල් සතිවලදී සුනක් ජනප්‍රියත්වය දිනා ගත්තේ ලොක්ඩවුන් කාලසීමාව තුල වැඩ කිරීමට නොහැකි වූවන් සඳහා පුළුල් ආධාර සැලැස්මක් එළිදැක්වූ විටයි.
මූලාශ්‍රය : CNN