උණුසුම් පුවත්
Search
GOTABHAYA 1 1

ගෝඨාභය සිංගප්පූරුවේ දී අත්අඩංගුවට ගන්නා ලකුණු !

351

හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ යුද අපරාධ සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතීඥයින් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

2009 සිවිල් යුද්ධයේ දී ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝණය කළ බවත්, මේවා විශ්ව අධිකරණ බලය යටතේ සිංගප්පූරුවේ දේශීය නඩු පැවරීමට යටත් වන අපරාධ බවත් පිටු 63කින් යුත් එම සංවිධානය ගොනුකළ පැමිණිල්ල තර්ක කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ දී ගෝඨාභය රාජපක්ෂ ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කර ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර අපරාධ නීතිය උල්ලංඝනය කර ඇති බවට නීතිමය පැමිණිල්ල තර්ක කරනු ලබනවා.

මිනීමැරුම්, මරණ දණ්ඩනය, වධහිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීම, ස්ත්‍රී දූෂණය සහ වෙනත් ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වය, නිදහස අහිමි කිරීම, දරුණු කායික හා මානසික හානි සහ සාගින්න ඊට ඇතුළත් වනවා.

Source – reuters




Leave a Reply

Your email address will not be published.