ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමයට ඉන්ධන ලබාදීම නිසා ඉන්ධනහල් වල ආදායම විශාල ලෙස පහළ ගොස් ඉන්ධනහල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු ‘දිවයින’ට ඊයේ (18) පවසා තිබෙනවා.
QR ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර සතියකට ඩීසල් හා පෙට්‍රල් බවුසර 12ත් 15ත් අතර ඉන්ධනහලකට පැමිණියත් මේ ක්‍රමය නිසා සතියකට ඉන්ධන බවුසර් 04ත් 05ත් අතර ප්‍රමාණයකට අඩු වී ඇතැයි ද ඔහු කියා සිටිනවා.
සිපෙට්කෝ ඉන්ධන හල් 998කට මින් වඩාත් අහිතකර බලපෑම් ඇතිවී තිබෙන බවත්, ඉන්දියන් ඔයිල් ඉන්ධනහල් වලටත් මෙම ක්‍රමය නිසා යම් බලපෑමක් ඇති වී තිබෙන බවත් ඔහු පවසා ඇත.
සතියක් තිස්සේ සීමා කර ඉන්ධන ලබාදීම් සිදුකළත් සේවක වැටුප්, ජල, විදුලි බිල්, බවුසර් රියැදුරු වැටුප් ඇතුළු වියදම් සාමාන්‍ය පරිදි දැරීමට සිදුවන නිසා QR ක්‍රමයට ඉන්ධන බෙදහැරීම අපහසු බවත් ඔහු කියා සිටියා.
QR ක්‍රමය ක්‍රියාත්මක කිරීම නිසා ඉන්ධනහල් වල පෝලීම් අඩු වී ඇති බවට රජය ප්‍රකාශ කළත් මහජනතාව මිල වැඩිකර හෝ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබදෙන ලෙස නිතර ඉල්ලීම් කරන බව නාරාහෙන්පිට ඉන්දියන් ඔයිල් සමාගමේ හිමිකරු සම්පත් කොතලාවල ‘දිවයින’ට සඳහන් කර සිටියා.
විශේෂයෙන් කුලී ත්‍රිරෝද රියැදුරන් සතියකට ලබදෙන ඉන්ධන ලීටර් 5ක ප්‍රමාණය වැඩි කර දෙන ලෙස ඉල්ලීම් කරන බවද ඔහු පැවසුවා.
චමින්ද සිල්වා
Source – Divaina