වසර අවසන් වන විට රාජ්‍ය සේවකයන් 20,000ක් විශ්‍රාම ගැන්වීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.
රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට රජය ගෙන ඇති තීරණය අනුව මෙතරම් පිරිසක් එකවර රාජ්‍ය සේවයෙන් ඉවත් වීම සිදුවනු ඇති.
වෛද්‍ය, හෙද සහ ඉන්ජිනේරුවන් හැර අනෙකුත් රාජ්‍ය සේවකයන් අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට අදාළ චක්‍රලේඛය ඉදිරි දෙසතිය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා.
ඊට අදාළ සංශෝධන කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට සූදානම් කර තිබෙන බව ද ලේකම්වරයා සඳහන් කරයි.
වෛද්‍ය, හෙද සහ ඉන්ජිනේරුවන් වයස අවුරුදු 63න් විශ්‍රාම ගැන්වීමට නියමිත බව ද හෙතෙම පවසයි.