උණුසුම් පුවත්
Search
maheshi and reno

රේනෝගෙන් මහේෂිට එන්තරවාසියක් – අපහාස කළාට රුපියල් බිලියන 20ක් ඉල්ලයි

224

හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වා හට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනි මහේෂි මදුශංකා හට එරෙහිව සුදත් පෙරේරා ඇසෝසියේට් නීතිඥ සමාගම විසින් එන්තරවාසියක් බාරදීමට කටයුතු කර තිබෙනවා.

හිරු TV ආයතනයේ වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළ කළ වීඩියෝවක් මූලික කරගනිමින් ඇය විසින් මෙම අපහාසත්මක ප්‍රකාශය සිදු කර ඇති බව වාර්තා වනවා.

May be an image of 1 person and newsroom

අදාළ එන්තරවාසිය හිරු TV හි කීර්ති නාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් සහ රේන සිල්වාගේ කීර්ති නාමයට සිදුව ඇති අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදලක් ඉල්ලමින් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මීට දින කිහිපයකට පෙර හිරු මාධ්‍ය ජාලයේ සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළ වූ වීඩියෝවක් හරහා තරුණයෙකු අපහසුතාවට පත් වූ බවට මහේෂි මධුසංකා ප්‍රකාශයක් කර තිබුණා. ඒ හේතුවෙන් ඔහු සිය දිවි නසාගැනීමට පවා හැකි බව පවසමින් මහේෂි මදුශංකා විසින් පළ කළ සමාජ මාධ්‍ය සටහන් වලට විශාල ප්‍රතිචාරක් ලැබී තිබුණා. එම විරෝධයන්ට ප්‍රතිචාර ලෙස ඇය හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයාගේ පුද්ගලික ජීවිතයට අදාළ කරුණු පිළිබඳව දක්වමින් දිගින් දිගටම විවිධ ප්‍රචාර සිදුකර තිබුණා.

May be an image of 1 person and newsroom

කෙසේ වෙතත්, එම සිදුවීමට පාදක වූ තරුණයා ද පසුව සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමේ සජීව වීඩියෝවක් ද පලකරනු ලැබුවා. එහි දී ඔහු පැවසුවේ තමන් සියදිවි හානිකර ගැනීමට තරම් ලාමක මානසිකත්වයක් ඇති පුද්ගලයෙකු නොවන බවයි. එමෙන්ම අදාළ නාලිකාවට තමන් දෝෂාරෝපණය නොකළ බවත් ඔහු කියා සිටියා. එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ පිළිබඳව කිසිවෙකුගේ මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බවයි.

Hiru Maheshi Page 1

Hiru Maheshi Page 2

Hiru Maheshi Page 3

Hiru Maheshi Page 4

 

සබැඳි පුවත් : රටේම මිනිස්සු මුළා කරන හිරු TV මහේෂිගේ චෝදනාවට බය වෙලා නටන අලුත්ම විගඩම මෙන්න