උණුසුම් පුවත්
Search
president

පාර්ලිමේන්තුවේ ජනපති අසුණින් ලාංඡනය ඉවතට

216

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ලංකාදීපයට පැවැසීය.

ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

අතිගරු යන නාමය , ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

මැතිසබයේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ මේ අනුවය.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ මෙතෙක් පැවතියේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සකස් කෙරුණු ලාංඡනයයි.

එම ලාංඡනයද වේත්‍රධාරිවරයා විසින් පසුගිය දා ඉවත් කරනු ලැබීය.

සුජිත් හේවාජුලිගේ

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *