උණුසුම් පුවත්
Search
ranil 1 2

ජීවන බර අඩු කරන්න රනිල්ගෙන් සහන

153

දැඩි ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී වැඩබලන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉන්ධන, ගෑස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බැවින් ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට තමා තීරණය කර තිබෙන බවයි.

මෙම කඩිනම් සහන වැඩපිළිවෙළට අමතරව ලබන අගෝස්තු මාසයේ දී ඉදිරිපත් කරන සහන අයවැයෙන් ද ජීවන බර අඩු කර සහන සැලසීම සඳහා තවත් අතිරේක මුදල් යෙදවීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

අහාර සුරක්ෂිතතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාවෙි දී වැඩබලන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ජනතාව වෙත ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව මෙන්ම කඩිනමින් ලබාදෙන ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් ද වැඩබලන ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇත.

එමෙන්ම ව්‍යාපාර බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ඔවුනට සකස් කර දිය යුතු බවට ද ⁣මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබෙි.

අංජුල මහික වීරරත්න




Leave a Reply

Your email address will not be published.