උණුසුම් පුවත්
Search
fathima rehana

සිය දරුවන්ට අඩ නිරුවත් සිරුර පින්තාරු කරන්නට ඉඩ දුන් අම්මා නඩුවෙන් නිදහස්

455

සිය දරුවන්ට තමාගේ අඩ නිරුවත් සිරුරෙහි චිත්‍ර​ පින්තාරු කිරීමට අවස්ථාව ලබා දී එහි වීඩියෝ දර්ශන ලබාගෙන යූ ටියුබ් වෙත මුදාහැරි, සමාජ ක්‍රියාකාරිණී රෙහානා ෆාතිමාට එරෙහි නඩු කටයුතු අවසන් කළ යුතු බවට කේරළයේ මහාධිකරණය විසින් ජූනි 5 වනදා තීන්දු කරන ලදී.

Govt also abandons Rehana Fathima, affidavit in SC seeking no relaxation on bail conditions in Sabarimala case - INDIA - GENERAL | Kerala Kaumudi Online

ඇයට එරෙහි නඩුකරය ප්‍රතික්ෂේප කරමින් විනිශ්චය මණ්ඩල ප්‍රධානී විනිසුරු කවුසර් එඩප්පගත් සිරුර පිළිබඳ පුද්ගලයාට ඇති අයිතිය පිළිබඳ පෙන්වා දුන් අතර ඉන්දීය සමාජයේ කාන්තා නිරුවත සහ පිරිමි නිරුවත පිළිබඳ වන එකිනෙකට වෙනස් ආකල්ප ද විවේචනය කළේ ය​.

21+ Gorgeous Photos of Rehana Fathima - Filmi tamasha

කාන්තාවකගේ ශරීරය පිළිබඳ වන නුහුරු හැඟීම පහ කරනු වස්, සිය දරුවන්ට තම සිරුරෙහි පාට පින්තාරු කිරීමට මවක විසින් ඉඩ ලබාදීමේ කිසිදු වරදක් නොදකින බව කේරළ මහාධිකරණය ප්‍රකාශ කළේ ය​.

rehana fathima (@rehanafathimaas) / Twitter

මෙම ආන්දෝලනයට තුඩු දුන්නේ රෙහානා ෆාතිමා විසින් 2020 දී යූ ටියුබ් හි උඩුගත කෙරුණ වීඩියෝවකි. එහිදී එවකට 14 වන වියෙහි සහ 8 වන වියෙහි පසුවූ සිය දරුවන් දෙදෙනා ඇගේ නිරුවත් උඩු කයෙහි චිත්‍ර පින්තාරු කරන අවස්ථාවක් දක්වා තිබේ. ඇය සිය දරුවන් ඉදිරියේ අශීලාචාර ලෙස හැසිරුණ බවට ෆාතිමා වෙත බොහෝ චෝදනා එල්ල වූයේ ය​. කෙසේ වෙතත් රෙහානා ෆාතිමා අවධාරණය කළේ ඇය ස්ත්‍රී නිරුවත පිළිබඳ වන අනියත බිය දුරස් කිරීමට සහ දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය උදෙසා මෙම කාර්යය සිදුකළ බවයි.

මෙම වීඩියෝව අරභයා රෙහානා ෆාතිමාට එරෙහිව දරුවන් කාම චිත්‍රපට සඳහා යොදාගැනීම සහ එවන් වීඩියෝ ළඟ තබාගැනීම යන චෝදනා අරභයා නඩු පවරන ලදී.

Rehana Fathima

මෙම නඩුවෙහි තීන්දුව ලබාදෙමින් කේරළ මහාධිකරණය කියා සිටියේ සමාජය තුළ පුරුෂයින්ගේ සිරුර පින්තාරු කිරීම ඇතැම් සම්ප්‍රදායික උත්සවවලදී පවා කෙරෙන නමුත් ස්ත්‍රී නිරුවත හුදෙක් කාමෝද්දීපණ මෙවලමක් ලෙස භාවිතා කෙරෙන බවයි. අදාළ වීඩියෝවෙහි අරමුණ ද එවන් ද්විත්ව ප්‍රමිතීන් විවේචනය කිරීම සහ මිනිස් සිරුර පිළිබඳ සංවේදීතාවය ඇතිකිරීම බව පෙන්වා දෙන අධිකරණය, ෆාතිමාට එරෙහි චෝදනා ඔප්පු කළ නොහැකි බව කියා සිටියේ ය​.

 

Rehana Fathima in soup over video of her kids painting on her nude body - Telugu News - IndiaGlitz.com

ෆාතිමා මුලින්ම අවධානයට ලක් වූයේ 2018 දී ආන්දෝලනාත්මක සබරිමාලා කෝවිල වන්දනා කිරීමට කළ සැලසුම් හේතුවෙනි. භාරතීය ජනතා පක්ෂයේ සහ රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි ක්‍රියාධරයින් ඇයට බාධා කළ අතර ඇයගේ නිවස ඉදිරියේ උද්ඝෝෂණ ද කළෝ ය​. පසුව​, ඇය සිය සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශයන් මගින් ආගමික ප්‍රජාවන් අතර අසමගිය වර්ධනය කරන්නට තැත් කරන බව පවසමින් ඇය සේවය කරමින් සිටි ඉන්දීය රජයේ BSNL සමාගම විසින් ඇයව සේවයෙන් නෙරපන ලද්දේ ය​.

'Gomatha' row: SC reprieve for Kerala activist Rehana Fathima | Editorji

චාමර සුමනපාල