උණුසුම් පුවත්
Search
bandula

”වන්දි ගෙවා අතිරික්ත රජයේ සේවකයන් ඉවත් කරනවා” – බන්දුල ගුණවර්ධන

212

ඉදිරියේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීමේ දී අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

නමුදු මෙම ඉවත් කිරීම් අනිවාර්යයෙන්ම වන්දි ගෙවීම් ලබා දී සිදුකරන බවයි ඔහු කියා සිටින්නේ.

එහි දී මීට පෙර අවස්ථා වල ද එම ක්‍රමවේදය යොදා ගත් බවත් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල වල ඇති වන්දි සුත්‍රයට අනුව කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා කියා සිටියි.

කෙසේ වෙතත් අමාත්‍යවරුන් එම ආයතන වලට තම හිතවතුන් පත්කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කමිටු මඟින් අධ්‍යයනය කර වන්දි සුත්‍රය අනුව කටයුතු කරන බව ද හෙතෙම කියා සිටිනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියා.




Leave a Reply

Your email address will not be published.