උණුසුම් පුවත්
Search
red warning

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට රතු නිවේදනයක්

264

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසනවා.

අද (02) මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බව තැපැල්පතිවරයා සඳහන් කර සිටියා.

රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින වල පමණක් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘත කිරීමට පසුගිය දා තීරණය කර තිබුණා.

ඊට විරෝධය පළකරමින් පසුගිය 26 වනදා සිට තැපැල් වෘත්තිය සමිති වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ විදේශ අංශයේ තැපැල් මලු සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩගැසී පැවතීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවට කෝටි 02කට අධික අලාභයක් සිදුව ඇති බව ද වාර්තා වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *