තමා උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් 4000ක් සඳහා සතොස වවුචර් ප්‍රදානය ප්‍රදානය කිරීමේ රැස්වීමක දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.
හෙලිකොප්ටරයකින් උතුරට ගියේ කුමකටදැයි එහිදී මාධ්‍යවේදීන් ඇසූ විට ඔහු පැවසූයේ “ඇයි මට යන්න බැරිද? මම ආණ්ඩුවේ නැහැනේ… ඉතින් මට ඕනේ එකක් කරන්න පුළුවන්නේ…. මම ආයෝජකයන් සමග ගිහින් රටට ඩොලර් එකතු කරන්න හදන විටත් ඒ දෙසත් කුහකකමින් බලනවා. මාධ්‍යත් මේවා දැනගත යුතුයි….”යනුවෙනුයි.
ආණ්ඩුවේ තනතුරක් බාර ගන්නවා දැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයට පිළිතුරු දෙමින් රවී කරුණානායක පැවසූයේ අවශ්‍යවන්නේ තනතුරු නොව ජනතාවට උදව් කිරීම බවයි.
කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර රවී කරුණානායක හදිසියේම ගුවනින් උතුරු ප්‍රදේශයට ගොස් ඇති බවත් ආපසු නැවත එලෙසින්ම පැමිණි බවත් මාධ්‍ය වාර්තා හෙළිකර සිටියා.
ඔහු එසේ ගියේ කුමකටදැයි සඳහන් වූයේ නෑ.
මාධ්‍යවේදීන් මගහැර ඔහු ගිය බවයි මාධ්‍ය වාර්තා පළ වූයේ.
ඒ සම්බන්ධයෙන ඔහු මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ එම සංසිද්ධියට පිළිතුරු ලබාදෙමිනුයි.