උණුසුම් පුවත්
Search
PATIENCE

මෙරට ක්ෂය රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

152

මෙරටින් වාර්තා වන ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර 02 හා සැසඳීමේදී වැඩි වීමක් පෙන්නුම් කරන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ පවසයි.

විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළේ, මෙම වසරේ පසුගිය කාර්තු දෙක අවසානයේදී දිවයින පුරා ක්ෂය රෝගීන් 4,000කට අසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ය.

වාර්ෂිකව වාර්තා වන රෝගීන්ගෙන් 20%ත් 25%ත් අතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් ඉන් දළ වශයෙන් 2/3ක පමණ ප්‍රමාණයක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන බවත් විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ සඳහන් කළාය.

image 149

කොළඹ නගර සභා බල ප්‍රදේශය පවතින තදබදය සහ වාතාශ්‍රය ප්‍රමාණවත් නොවීම ආදී සාධක හේතුකොට ගෙන මෙම ප්‍රදේශයෙන් බහුලව රෝගීන් වාර්තා වීම දක්නට ලැබෙන බව ද වෛද්‍යවරිය පැවසුවා ය.

මීට අමතරව දුම් පානය, මත්පැන් භාවිතය යනාදී සාධක ද ක්ෂය රෝගය වැළඳීම සඳහා අවදානම් සාධක බව ද වෛද්‍යවරිය ප්‍රකාශ කළා ය.

සති 2කට වඩා කල් පවතින කැස්ස, මද උණ ගතිය ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස ත් මීට අමතරව ශරීරයේ බර අඩුවීම, පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණයන් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ සඳහන් කළා ය.

විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් නිසි ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කිරීමට වග බලා ගන්නා බවත් සියලුම ප්‍රතිකාර ලබා ගැනීමට තම දිස්ත්‍රික්කයේ පිහිටි සායනය වෙත යොමු වීම හෝ ළඟ ම පවතින රෝහල වෙත යොමු වීම කළ යුතු බව ත් ය.