උණුසුම් පුවත්
Search
ranjan r

රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පරික්ෂණයට

371

අධිකරණය අපහාස කිරීමේ චෝදනාව මත වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක, විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට ලබන මස 04 වැනිදා සහභාගි වන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන සහ මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක පවසනවා.

රන්ජන් රාමනායක බන්ධනාගර ගතවීමෙන් පසු විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හැදැරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබාදීමෙන් අනතුරුව අවශ්‍ය පහසුකම් සලසා දුන් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිරීති වලට අනුකූලව නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රංජන් රාමනායක හට විභාගයට සහභාගි කරවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

යොහාන් භාසුර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *