දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්ව තිබෙනවා.
එසේ එක්වන්නේ එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන්ගේ යුවළකගේ දරුවකු වන රනිල් වික්‍රමසිංහ ලංකාවෙි රාජ්‍ය නායකයා ලෙස එලිසබෙත් මහරාජිනියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගීවීමත් සමගයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 පෙබරවාරි මාසයේ පැවැති එලිසබත් මහා රැජිනියගේ කිරුළ පැලදීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වූවේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමගිනි.
ලෝක ඉතිහාසයේ රජ පවුලෙන් පරිබාහිරව මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතිහාස පොතට එක් වන්නේය.
