කොළඹින් පරාද වී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ වැඩ්ඩකු වන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කර සිටිනවා.
රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙකු යැයි සමහරුන් පවසන බව පැවසූ විපක්ෂනායකවරයා කියා සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පැරදී ගෙදර ගිය ඔහු ජනාධිපතිවරයා බවට පත්වීම නිසා එසේ පවසන්නේ යැයිද ප්‍රකාශ කර සිටියා.
කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූ ක්‍රමවේදය ප්‍රශ්න නොකරන බවත් එම පත්වීම සිදු වූයේ ව්‍යවස්ථානුකූලව බවත් ඔහු පවසනවා.
රාජපක්ෂ හොරු රැල රකින බවට තමන් ද පොරොන්දු වූයේ නම් අද තමා මෙරට ජනාධිපති බව ඔහු තවදුරටත් කියා සිටියා.
සුජිත් හේවාජුලිගේ
Source – Lankadeepa