උණුසුම් පුවත්
Search
dhammika p

”රනිල්ට සැලසුමක් නෑ, වහාම මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න” – ධම්මික පෙරේරා

207

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසනවා.

“රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස කරන මේ සෙල්ලම නතර කළ යුතුයි, ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වනවා, ඔහුට සැලසුමක් නැහැ” යැයි අමාත්‍ය ධම්මික පෙරේරා කියා සිටිනවා.

රනිල් ලංකාවට ලැබිය යුතු ඩොලර් හිතාමතාම අවහිරවන ලෙස කටයුතු කරන බවත් මේ සඳහා තමාට සාක්ෂි සහිත කරුණු ඇති බවත් අවශ්‍ය නම් තර්ක කරන්නට එන ලෙසත් දක්වන ධම්මික පෙරේරා මෙම කාරණාව තමා සංකීර්ණ ලෙස දන්වා ලිපියක්ද මේ සමග නිකුත් කරන බව කියා සිටියේය.

රටට ඩොලර් මිලියන 30ක් උපයාගත හැකි ලෙස විදෙස් ශ්‍රමිකයින් ඩොලර් ලක්ෂය බැගින් රැගෙන පෝලිමේ සිට ආයෝජනය කරන්නට උත්සාහ කරන අවස්ථාවේ රනිල් එය පැත්තක තබා අවහිර කිරීම නිසා කෝපයට පත්ව ඔහු මේ කරුණු කීවේය.

රටට වන හානිය බල බලා සිටින්නට බැරි බවත් තමුන්ද අරගලය වෙනුවෙන් මෙම මොහොතේ එක්වන බවත් ඔහු විශේෂ කතාවක් කරමින් අද (06) දහවල් පැවසීය.

”රනිල් අගමැති ලෙස මට ප්‍රශ්නයක් නැහැ, නමුත් මුදල් ඇමති ලෙස සැලසුමක් නැතිව කටයුතු කරන්නේ” ඔහු පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *